අවලංගු කරන ලද ෆුල්ෆේස්‌ තහනම නැවතත් අප්‍රේල් 02 සිට

ලබන අප්‍රේල් මස 02 වැනිදා සිට මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්‌) හෙල්මට්‌ පැළඳ යතුරු පැදිවල ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.මෙම නීතිය මීට ඉහත අවස්‌ථා දෙකකදීම ගෙන ආ අතර එය අතර මග නතර කරන ලදී. මුල් අවස්‌ථාවේ මෙම නීතිය ගෙන ආ විට එය නතර කර දැමුවේ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම මතය. දෙවැනි වතාවට මෙම නීතිය ගෙන ඇත්තේ මීට මාසයකට පමණ උඩදීය. ඒ අවස්‌ථාවේ ඇමැති ජෝන් අමරතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කල්දමන ලදී.

රට පුරාම සිදුවන බැංකු කොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සඳහා මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළඳ අපරාධකරුවන් පැමිණීම බහුල වශයෙන් වාර්තා වන අතර
අපරාධකරුවන් මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළඳ පැමිණීම නිසා ඔවුන් හඳුනාගැනීමේදී පොලිසිය දැඩි ගැටලු සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදුවේ. මෙම කරුණු මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළදීම තහනම් කිරීමට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...