19.2 C
London
Monday, May 19, 2025
spot_img

ඥාණසාරට නඩු !

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙම අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ද සිල්වා මහතා ඊයේ (27) නියෝග කළේය.

කුරාණය අවමානයට ලක් කිරීම වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීම යන චෝදනා එල්ලවී තිබේ.

මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එවකට සිටි මහේස්ත්‍රාත්වරයා විසින් භික්ෂූන් වහන්සේලා විත්ති කූඩුවේ නැංවීමට අවශ්‍ය නොවන බව දැනුම් දී තිබුණි. එහෙත් මෙම නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් වන භික්ෂූන් වහන්සේලා අධිකරණයට ඉදිරිපත් වී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ද සිල්වා නියෝග කළේ යැයි පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරින් චෝදනා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ද මේ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය වන්නේ නැතැයි කී මහේස්ත්‍රාත්වරයා චෝදනා ඉදිරිපත් කිරීමට වහා කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ජූනි මස 15 වන දිනට කල් තැබූ ‍මහේස්ත්‍රාත්වරයා එදින චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles