මහගල්ගමුව වැව සහ පාලුකඩවල වැව යා වේ.

-වැසි කාලයේ දී මහගල්ගමුව වැව පිටාර යන සෑම අවස්ථාවකදීම ගල්ගමුව නගරයේ නිවාස ජලයෙන් යට වෙනු ඇත. ඉකුත් සමයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය නිසා අමුණු පද්ධති සහ ලොකු, කුඩා ඇළ මාර්ග වලට ද දැඩි ලෙස හානි සිදුවී ඇත. එසේ වුව ද මෙතෙක් මේ තත්ත්වය වැලැක්වීම සඳහා විධිමත් පියවරක් ගෙන නැත. ගංවතුර බලපෑම හේතුවෙන් ගල්ගමුව වාරිමාර්ග කොට්ඨාසයේ ඇළ මාර්ග වලට සිදු වූ හානිය රුපියල් මිලියන සියය ද ඉක්මවා ඇත. එහෙයින් එම තත්ත්වය වැලැක්වීම සඳහා ද ගංවතුර කාලවලදී ගල්ගමුව නගරයට සිදුවන බලපෑම අවම කිරීම සදහා ද සක්‍යතා අධ්‍යන වලින් පෙනී ගොස් ඇති පරිදි මහගල්ගමුව වැවේ වාන් ජලය පාලු කඩවල වැව ට ලබා ගැනීම සඳහා නව ඇල මාර්ගයක් තැනීමට හැකියාව ඇති බව ට තහවුරු වී ඇත. ඒ සම්බන්ධව මැනීම් කටයුතු මේ දිනවල දී සිදුකරනු ලැබේ.
මහගල්ගමුව වැව කුරුණෑගල දිසාවේ පිහිටි විශාලම වැව බවට පත්වේ. එහි අක්කර හාරසීයක් පුරා පිහිටි වැවේ ජලයෙහි ධාරිතාව අක්කර අඩි හයදහස් පන්සියයක් පමණ වේ. වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මඟින් ඉදිකිරීම් කටයුතු සිදුකරන යෝජිත ඇළ මාර්ගය කිලෝමීටර් දෙකකින් පමණ යුක්ත වේ.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...