17.1 C
London
Thursday, November 13, 2025
spot_img

සමුුහ දුෂණයකින් සිසුවියක් ගැලවුණ හැටි

උසස්‌ පෙළ දෙවන වර විභාගයට පෙනී සිටීම සඳහා 13 දා උදේ කඹුරුපිටිය උපකාරක පන්තියට යැමට මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක්‌ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ විසින් රථයට නංවා ගෙන ගොස්‌ ඇත. නාදුගල වේල්ලේ බුදුපිළිමය අසලින් යන මාර්ගයේදී මෙම තරුණිය සැකකරුවන්ගෙන් මිදී ත්‍රිරෝද රථයෙන් බැස පලා ගොස්‌ තිබේ. පැහැර ගැනීම පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඹුරුපිටිය පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

මෙම තරුණිය මාවරල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය වූ දින පන්තියට යැමට ඇය උසේ 7.00 ට පමණ තම නැඟණියද සමග පැමිණ තිබේ. නැගණිය මාවරල උපකාරක පන්තියට යවා මාවරල සිට බසයකින් පැමිණ කඹුරුපිටියේ බැස අදාළ උපකාරක පන්තියට ඇය යමින් සිටියදී අසලට පැමිණ කතා කළ ත්‍රිරෝද රථයක සිටි පිරිසක්‌ ඇයගේ මුහුණට ලේන්සුවක්‌ අල්ලා රථයට නංවාගෙන ගොස්‌ ඇත. පසුව ඇයට සිහිය එන විට නාඳුගල වේල්ල අසල ඇති බුදුපිළිමය ළඟින් දකුණට රථය හරවා යද්දී ඇය ඔවුන්ගෙන් මිදී පලාගොස්‌ ඇත. එම රථයේ කීප දෙනකු සිට ඇති බව පැවසෙයි. අනතුරුව ඇය බසයක නැගී කඹුරුපිටිය නගරයට පැමිණි බව සඳහන් වේ.
වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පොලිසිය විසින් මෙම තරුණිය රෝහල් ගත කොට ඇත. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles