මට ලැබුණේ හොඳම කෙනා නොවෙයි නම් චන්නටත් හොඳම කෙනා නොලැබෙන්න ඇති – ගයත්‍රි ඩයස්

රංගන ක්ෂේත්‍රයේ සුන්දර රුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස්. ඇය දිනෙන් දින සුන්දර වන රුවැත්තියක්. ඇයගේ තොරතුරු මෙවර අපි සොයා බැලුවා.

ගයත්‍රි මේ දවස්වල මොනවද අලුත් තොරතුරු ?
සැලොන් එකේ වැඩත් එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.

නිළියක් වුණාම සැලොන් එකක් කරන්නම ඕනේද?
එහෙම එකක් නැහැ. රංගන ශිල්පිනියන්ට ලැබෙන මුදල අඩු නිසා තමයි තමන් දන්න තමන්ට පුළුවන් රැකියාවක් කරන්න හදන්නේ. නිළියක් වුණාම පැවැත්මක් අවශ්‍යයි යම් ආකාරයකට.

නිළියො කියන හැමෝටම එහෙම සැලොන් කරන්න පුළුවන්ද?
එහෙම හැමෝටම සැලොන් කරන්න බැහැ. හොඳ දැනුමක් සහජ දක්ෂතාවක් තියෙන්න අවශ්‍යයි. සැලොන් එකක් කරන්න. බිස්නස් එකක් විදිහට සැලොන් කරන්න බැහැ.

ඔයාගේ සැලොන් එකක් දාගත්තෙ රංගන ක්ෂේත්‍රයේ ඔයාට ගෙවන ගාණ අඩු වුණ නිසාද?
වෙනත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ රංගන ශිල්පීන්ට ගෙවන ගාන අඩුයි තමයි.

කටකතාවක් තියෙනවා ඔයයි චන්නයි වෙන්වෙලා කියලා?
කවුද අනේ එහෙම කියන්නේ. අපි දෙන්නා තාමත් ඉන්නේ එක ගෙදර.

ඔයාලා තරහ වුණාට ඉන්නේ එක ගෙදර කියලත් කියන්නවා?
තරහා වුණානම් කවදාවත් මම එක ගෙදර ඉන්නේ නැහැ.

ගයත්‍රි අහලා නැද්ද ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා?
මගේ පවුල් ජීවිතේ එහෙම යම් කිසි දෙයක් වුණා නම් අනිවාර්යයෙන්ම අනාගතයේදී ඒක අහන්න ලැබෙයි. හංගගෙන කිසි දෙයක් කරන්න බැහැනේ.

ඔයාලගේ පවු‍ලේ ප්‍රශ්න නැත්තේම නැහැනේ?
සර්ව සම්පූර්ණ පවුලක් හදාගන්න කාටවත් බැහැ. අපේ ජීවිතවල තියෙන කාර්යබහුලත්වයත් එක්ක යම් යම් ගැටලු ඇති වෙනවා. එහෙම ගැටලු ඇති වෙන්නේ නැත්නම් තමයි ගැටලුව.

ඔයා විවාහ වුණේ හරිම කෙනා කියලා හිතෙනවාද?
මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මට ලැබුණේ හොඳම කෙනා නොවෙයිනම් චන්නටත් හොඳම කෙනා නොලැබෙන්න ඇති. සමහර වෙලාවට හොඳම කෙනා මෙයා නොවෙයිනම් හොඳම කෙනා ඉන්නවා කියලා හිතන්න අමාරුයි.

චන්න ඔයාට හොඳ සැමියෙක්ද?
එයාගේ කාර්යබහුලත්වය නිසා යම් යම් ගැටලු ඇති වුණත් එයා මට හොඳ සැමියෙක්ට වඩා දරුවන්ට හොඳ පියෙක්.

කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා නේද?
අපි දෙන්නාගේ විවාහයෙන් පස්සේ තීරණයක් ගන්න වුණා. දෙන්නාගෙන් එක්කෙනෙක් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න. ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන තීරණය මං ගත්තා.

ඒකට හේතුව?
චන්න ගමක හැදුණු කෙනෙක්. ගමේ මිනිස්සු මම නිළියක් නිසා මගේ දිහා වපර ඇහෙන් බලන නිසා චන්න කැමැති වුණා මම ක්ෂේත්‍රයෙන් අයින් වෙනවාට.

දැන් ඔයා රඟපානවාට එයා විරුද්ධ නැත්තේ ඔයාව එපා වෙලා නිසාද?
නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. ඉස්සර දරුවොත් ගොඩක් ‍පොඩී. දැන් ටිකක් නිදහසක් තියෙනවා. ඒ නිසා තමයි නැවත මම රඟපාන්න ගත්තේ.

ළාබාල වයසින්ම විවාහ වීම ඔයාට ගැටලුවක් වෙලා නැද්ද?
සමහර වෙලාවට ඉතිං එහෙම ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් දැන් මට ලොකු ළමයි ඉන්න නිසා ළාබාල වයසින් කසාද බැඳපු එක ගැන සතුටක් කියලත් හිතෙනවා.

ඇයි දැන් ගයත්‍රි හාස්‍ය උත්පාදක නාට්‍යවල රඟපාන්නේ?
වෙනසක් අවශ්‍ය නිසයි මම ඒ වගේ නාට්‍යයකට සම්බන්ධ වුණේ.

නැත්නම් ඔයාට දැන් හොඳ චරිත නොලැබෙන නිසාද?
එහෙම දෙක් නැහැ. මට ආස හිතුණ ඒ වගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න. ඒකයි හාස්‍ය උත්පාදක නාට්‍ය දෙකකට සම්බන්ධ වුණේ.

ඔයාගේ දුවලා දෙන්නත් නිළියො වෙයිද?
එයාලට තාම එහෙම හිතිලා නැහැ. මගේ එහෙම අකමැත්තක් නැහැ.

ඔයා කැමැතිද ඔයාලගෙ දුවලා රඟපානවට?
එහෙම විශේෂයක් නැහැ. එයාලා කැමති දේ කරන්න දෙනවා.

චන්න කැමැති වෙයිද දුවලා රඟපානවට?
ඒක මං හරියට දන්නේ නැහැ. සමහර වෙලාවට එයා කැමැති වෙනවා. සමහර වෙලාවට අකමැති වෙනවා. හැබැයි එයාගේ වැඩවලට නම් දුවලව ගන්නේ නැහැ
ඉමල්කා ගුණවර්ධන

Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...