අ.පො.ස (සා.පෙ) විභාගයේ ගණිතය විෂය අසමත් වුවත් මෙතෙක් අ.පො.ස (උ.පෙ) කලා විෂය ධාරාව සහ ජෛව පද්ධති තාක්ෂණික විෂය ධාරාව හැදෑරීමට අවසර ලැබී තිබුණ ද , ලබන වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය විෂය සමත්වීම අනිවාර්ය වන අතර අ.පො.ස (සා/පෙ) ගණිතය විෂය අසමත් වූ සිසුවෙකු ගණිතය විෂය අසමත් වුවත් උසස් පෙළ සඳහා ඉගෙනීම් කටයුතු ආරම්භ කළ හැකි බවත් අ.පො.ස (උ/පෙ) විභාගයට පෙනී සිටීමට පෙර අ.පො.ස (සා/පෙ) විභාගය සඳහා පෙනී සිට ගණිතය විෂය සමත් වූ ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කළ යුතු බවත් නව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වී අවධාරණය කරන ලදී.
