අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(10) සිට විභාග මධ්‍යස්ථාන 4300 කදී පැවැත්වේ. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 384,056 දෙනෙකුද, පෞද්ගලික අයදුම්කරුවන් 194,084 දෙනෙකුද පෙනීසිටින අතර සහභාගීවන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 578,140කි.

මෙම විභාගයේ පරිපාලන හා ඇගයීම් කටයුතු සඳහා යොදවා ඇති කාර්යය මණ්ඩලය 76,000ක් පමණ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකකින් සිදු කෙරේන බවත් පළමු අදියර දෙසැම්බර් 30වන දින සිට ජනවාරි 07වන දින දක්වා ද,දෙවන අදියර ජනවාරි 14වන දින සිට ජනවාරි 22දින දක්වා ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුවරත් සඳහන් කරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...