22.6 C
London
Thursday, June 19, 2025
spot_img

ගීතක්කා මැක්කෝ කාලා!!

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටවී ගිය බව අප වාර්තාකරු පවසයි.

‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළ ‘ගීතා’සිය කතාව අවසන් කර අත් බෑගය ද රැගෙන වේගයෙන් බැහැරව ගොස් ඇත.

ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිට තිබේ.

ගීතා කුමාරසිංහ මහත්මියගේ කතාවට සවන් දුන් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.. කිසිත් නොකියා සිට තිබේ. එහෙත් ඔහු “ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles