Wednesday , 22 January 2025

පතලක විෂ වායුවක් – 4ක් මරුට

රත්නපුර, ගිලීමලේ, හගොව වෙල්යායේ මැණික් පතලකින් මතුවූ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් එහි වැඩ කරමින් සිටි පතල්කරුවන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (08දා) පස්වරු 5.00 ට පමණ මෙම විෂ වායුව මතුවී ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ පුද්ගලයන් හයදෙනෙකු පතලයේ වැඩ කරමින් සිට ඇති අතර, දෙදෙනෙකුගේ ජීවිත බේරී ඇත. එක් අයෙකු රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ගිලීමලේ පදිංචිකරුවන් වන ඩී.ඒ. ජයසේකර (33), කේ.යූ. සුජීව (33), කේ.ඩී.සිරිපාල (38), එන්.කේ. නමුනුකුල (59) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඩී.ඒ.පියදාස යන අය රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...