12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ජිනීවා ප්‍රශ්නය ආවේ මහින්ද නිසා

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව ජිනීවා හි ඇතුවූ තත්ත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලකමක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා අස්ගිරි මහා විහාරයට අද (16දා) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“ජිනීවා ප්‍රශ්නය එතනට තල්ලු වුණේ හිටපු ජනපතිතුමාගේ දුර්වලකම් නිසා. යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ අපි ඉන්දියාව තරහා කර ගත්තා.මුළු යුරෝපයම අපිත් එක්ක තරග වුණා. මේ නිසා ඒ ප්‍රශ්ණය ඉතාම අවුල් සහගත තැනකට ගියා. හැබැයි ජිනීවා යෝජනාව අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙස අරගෙන ඒක අපිට විසඳගන්න ඉඩ දෙන්න කියලා කියන්න වත්මන් ජනපතිතුමාට මේ ප්‍රධාන පක්ෂ දෙකේ එයාගේ ආණ්ඩුව තුළින් ලැබීම තීරණාත්මක වාසියක්.” යැයි පැවැසීය.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනිම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකරුවන් තිදෙකේ ඉදගන්න එකේ සදෙදෙනෙක් ඉදගත්තාම එය සතියකින් කල් දාලා වෙන දවසක තිදෙනෙක් සමග ඉදගන්නවා. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මේක ඔක්තොබර් දක්වා ගිය එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මුළු කැබිනට් බණ්ඩලයම වගඋත්තරකරුවන් කරලා තිබුණා. ඒ අයට සිතාසි යවලා මේ ප්‍රශ්නය විභාග කරන්න තිබුණා. හැබැයි ඒකට ජිනීවා යන්න ඕන නෑ. හැබැයි ඉතින් ගැටළුවක් තියෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles