වැලිකඩ හිස නැති හොල්මන කරාපිටියට යයි…!

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ “හිස නැති අවතාරයක්” හේතුවෙන් එහි සේවකයන් බියට පත්ව ඇතැයි වාර්තා වේ. රෝහල් කොරිඩෝවේ ඇවිදින හිස නැති මළ කඳක රුව දුටු රෝහල් සේවකයන් විසින් භීතියට පත්ව ඇති අතර රාත්‍රියේ සේවයට පැමිණීමද මේවනවිට ප්‍රතික්ෂේපකොට ඇතැයි වාර්තා වේ.

අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටින බවක් වාර්තා වෙයි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම අද්භූත දසුන් ඇතැම් සේවකයින් දැක ඇති බව පැවසේ. සේවකයන් කිහිප දෙනෙකුම බිය වීමෙන් අනතුරුව රෝහලේ ධර්ම දේශනයක් පැවැත්වීම කෙරෙහි රෝහල් කාර්ය මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

මෙයට පෙර මෙයට සමානම හිස නැති මළ කඳක අවතාරයක් සම්බන්ධව වැලිකඩ සිරගෙදර සිරකරුවෝ භීතියට පත්ව තිබුණි. එම අවස්ථාවේ ඒ සම්බන්ධව කරාපිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා පවසා තිබුනේ මෙවැන්නකි.

“ඕනෑම හිත දුර්වල කෙනෙක්ම සාමාන්‍ය ජීවිතයේ ඇසෙන ශබ්ධ භූත, හොල්මන් විදිහට දැනෙනවා. සාමාන්‍ය වස්තු මියගිය අය වගේ දැනෙනවා. සමාජයේ අනෙක් අයගේ මත විශ්වාසය කරන අයට මේ පණිවුඩය ලැබුනම ඔවුන්ටත් විවිධ ශබ්ද ඇසෙන්න ගන්නවා.”

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...