ජින්ජර් සහ ගයේෂා වීසි වෙයි

0
126

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධානයෙන් තරගවැදීමට නාම යෝජනා භාර දුන් ගායිකා ‘ජූඩිත් ජින්ජර් වයිට්’ට සහ රංඟන ශිල්පිනී ගයේෂා පෙරේරාට නාම යෝජනා නොදීමට සන්ධාන නාම යෝජනා කමිටුව තීරණයකර තිබේ.

කෙසේ වෙතත් රංගන ශිල්පිනී රුවන්ති මංගලාට නාම යෝජනා හිමිව ඇතැයි වාර්තා වෙයි.

කොළොන්නාව ආසනයෙන් කාන්තාවන් තිදෙනෙකුට නාම යෝජනා දී ඇති අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝකා ලංකාතිලක හා රුවන්ති මංගලා මේ තිදෙනාය.