13.1 C
London
Friday, November 14, 2025
spot_img

ගැහැණු පිරිමි කරන ඇෆ්ගනිස්ථානය

ගැහුණු දරුවන් පිරිමි ලමුන් සේ ඇදුම් අන්දවා ජීවත් කරවීමේ කටයුත්තක් පිළිබදව ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වෙයි. ඇෆ්ගනිස්ථානය පුරා මේ වනවිට මෙම ක්‍රියාව රැල්ලක් බවට පත්වෙමින් තිබෙයි. මීට අනුව දැරියක් කුඩා කාලයේදීම පිරිමියෙකු හා සමානව ඇදුම් අන්දවා පිරිමියෙකු ලෙස වෙස් වලාගෙන සමාජයේ ජීවත් කරවයි.මීට හේතු වී ඇත්තේ ඒ ඒ පවුල්වල පවතින දරිද්‍රතාව බව විදෙස් වාර්තා කියයි

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීතිය අනුව ගැහැණු ළමයෙකුට සීමා පැනවෙන අතර පිරිමි ළමයෙකුට නිදහසේ ජීවත් විට හැකිවෙයි.ඒ අතර ඔවුන් විවිධ රැකියා සදහා යොමුවී මුදල් ද උපයන තත්වයට පත්වෙයි.

ඇෆ්ගනිස්තානයේ පවුල් බර වැඩි ,ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ මතුවන,බොහෝ පවුල්වල ගැහැණු ළමයි පිරිමි ළමුන් සේ කොණ්ඩය කපාගෙන,පිරිමි ඇදුම ඇද පාරට බැස මුදල් හරි හම්භ කිරීමට පෙළඹෙයි. මේ ආකාරයට පිරිමි ළමුන් සේ ජීවත් වන ගැහැණු ළමුන් විවාහ වන වයස එළඹි විට පිරිමි වෙස් අතහැර දමා විවාහ වී සතුටින් පවුල් ගතකරන බවද විදෙස් වාර්තා කියයි.

එරට පවතින ආර්ථිකය සහ ආරක්ෂක ආදී ප්‍රශ්න හේතුවෙන් මේ වන විට මෙම වෙස් මාරු කිරීම ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් වාර්තා කියයි.

එලෙස ජීවත් වන සහ ජීවත් වු ළමුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්

Afgan1 Afgan3 Afgan4 Afgan5

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles