16 C
London
Thursday, November 13, 2025
spot_img

දුෂණය කරන්න ගෙනගිය දැරියට පොළඟෙක් ගහලා

අවුරුදු 17 ක ගැහැණු ළමයෙකු රවටාගෙන දුෂණය කිරීම සඳහා කැලයක් මැදට කැඳවාගෙන ගෙන ගොස් සිටියදී පොළඟෙකු දෂ්ට කර මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම දැරිය දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයා මේ වන විට සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මූකලන්ගමුව සීදුව පදිංචි දැරියකි. දැරියගේ පියා මියගොස් වසර 17 ක් ගතවන අතර මව සුළු රැකියාවක නිරත වේ. මව රැකියාවට ගිය විට දියණිය රැදෙන්නේ නිවසේ තනිවමය.

මව සහ සහෝදරයාගේ අවවාද කිරීම් නිසා නිවසින් පිටව ගොස් ඇති මෙම තරුණිය ඊට පසුදින රාත්‍රීවන තුරු ගෙදරට පැමිණ නැත. මේ අතර පසුගිය දින රාත්‍රී 8.15 ට පමණ එම දැරියගේ වත්තේ පොල් කඩන අයෙක් දුවට පොළගෙක් දෂ්ඨ කර ත්‍රීරෝද රථයේ සිටින බව දැරියගේ සහෝදරයාට පවසා පලා ගොස් ඇත.

පසුව ඥාතීන් විසින් තම දියණිය මීගමුව රෝහලට ගෙනයන විටත් මිය ගොස් ඇති බව පවසයි. මෙම ළමයාට සර්පයා දෂ්ඨ කලාට පසු දැරිය රවටාගෙන ගියා යැයි කියන පොල් කඩන අය එම ළමයා සීදුව විජේකුමාරතුංග රෝහල වෙත යතුරු පැදියක තියාගෙන ගොස් ඇති නමුත් ඒ වන විට ළමයාට අසාධ්‍ය බැවින් රෝහලට බාරගෙන නැත. පසුව ළමයාව ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් සැකකාර පොල්කඩන මිනිසා විසින් ඥාතීන්ට භාර දී පළාගොස් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍ය එම් එන් රාහුල් හක් මහතා සර්ප විෂ ශරීරගත වීමෙන් සිදුවූ මරණයක් බවට වාර්තා කර තිබුණි. සිද්ධිය සම්බන්ධව සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles