22 වන මහලෙන් වැටී දැරියක් මියයයි. (VIDEO)

0
93

-වැල්ලවත්ත – හැව්ලොක්සිටි හි පිහිටි නිවාස සංකිර්ණයක 22 වන මහලෙන් වැටී අවුරුදු 4 ක් වයසැති කුඩා දැරියක් ඊයේ (24) රාත‍්‍රීයේ ජීවිතක්ෂයට පත්විය. මෙම දැරිය 22 වන මහලෙන් බිමට වැටී ඇති අතර, පසුව බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර. එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. දැරියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී අද (25) දින පැවැත්වීමට නියමිතව ඇත.