ඉකුත් දා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ගණිතය විෂය අසමත් වුණැයි කලකිරීමට පත්ව පුස්සැල්ලාව ප්‍රදේශයේ ගුරු යුවළකගේ දියණියක් සිය නිවසේදී ගෙල වැළලා ගෙන සිය දිවි නසාගෙන ඇති බවට පුස්සැල්ලාව පොලීසිය තොරතුරු අනාවරණය කරයි.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය පුස්සැල්ලාව හින්දු මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරා ඇති අතර දෙවැනි වරටත් විභාගයට පෙනී සිට ඇති ඇය අන්තර්ජාලය මගින් ප්‍රතිඵල නිරීක්ෂණය කර ඇත. එමගින් විභාගය අසමත්ව ඇති බව දැනගෙන, නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දොර ජනෙල් වසා නිවස තුළ එල්ලී සිටියදී ඇයගේ සොයුරියන් මේ බව ජනේලයකින් දැක තිබේ.