GoDaddy වෙත Anonymous අවධානය

ඉතා ප්‍රසිද්ධ Domain සහ Hosting සේවා සපයන වෙබ් අඩවියක් වන Godaddy.com වෙත තමන්ගේ අවධානය යොමු වී ඇති බව ප්‍රසිද්ධ Anonymous Hacking කණ්ඩායම පවසනවා. ඔවුන්ගේ Twitter කින් ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු රජය මගින් ගෙන ඒමට ගිය SOPA පනතට ආධාර උපකාර කරන බොහොමයක් වෙබ් අඩවි වලට සේවා සපයා ඇත්තේ Godaddy සමාගම විසින් බවයි. මෙය Godaddy ආයතනයේ තම වෙබ් අඩවි පවත්වාගෙන යන මිලියනයකට අධික පිරිසට ඒ තරම් හොද පණිවුඩයක්නම් නෙවෙයි.

මේ බව හෙළි කරමින් Anonymous විසින් පලකරන ලද Twitter පණිවුඩය පහත ;

[quote]ලෝක වාසී ජනතාවට නිර්ණාමික අපගේ ප්‍රණාමය. සහෝදර සහෝදරියණි, දැන් ඔබගේ දෑස් හැර සත්‍ය දැකීමට කාලයයි. අපගේ අවධානයට ලක් වී ඇති පරිදි Go Daddy නමින් හඳුන්වන අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන සමාගම වෙත නිර්ණාමික අපගේ සහ මුළු ලෝකයේ අවධානය යොමු වූයේ වරින්වර පවත්නා ඇණහිටීම් හේතුවෙනි.
මෙම ක්‍රියාව ඇත්ත වශයෙන්ම නිර්ණාමික අපගේ සමාජිකයකුගේම ක්‍රියාවක් ද නැතහොත් රජයේ භාවයක් ද යන්න නිර්ණාමික අපට ද ප්‍රහේළිකාවකි. නමුත් අප බහුතරයකගේ නිගමනය වන්නේ Go Daddy ගොදුරට ලක් වූයේ SOPA (Stop Online Piracy Act) සඳහා එය දැක් වූ සහයෝගය හේතුවෙනි.
Go Daddy විසින් 99% කගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමෙහි ලා ප්‍රමුක වන අශෝභන ප්‍රයත්නයන් කිහිපයක් සිදු කර ඇත.
Go Daddy විසින් ජනපති ඔබාමාගේ පාලක මණ්ඩලය දරුණු ලෙස විවේචනයට ලක් කළ කරුණු අඩංගු දේශපාළනික වෙබ් අඩවියක් ජාළයෙන් ඉවත් කර ඇත්තේ එම අඩවිය ඒක පුද්ගල පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා ද්වේෂසහගත ලෙස හානි පමුණුවන බව හේතු ලෙස ඉදිරිපත් කරමිනි.
එම නිසා නිර්ණාමික අප විසින් එම 99% කගෙන් ඉල්ලා සිටින්නේ Go Daddy වර්ජනය කර වෙනත් සේවා සපයන්නන් හට එම ධාරකය ලබා දීමට කටයුතු කරන ලෙසයි.
දැනට ලෝකය පුරා මිලියන ගණනක් වෙබ් අඩවි ක්‍රියාත්මක කරන්නා වූ Go Daddy සමාගම විසින් මිලියන 4.5 ක් වූ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද කෙටුම්පතක් වූ SOPA සක්‍රිය ලෙස ක්‍රියාවට නංවා ඇති බව නිර්ණාමික අප විසින් පෙන්වා දීමට කැමැත්තෙමු.
මැන්චුහුරියානු අපේක්‍ෂක බරක් හුසේන් ඔබාමා දැනටමත් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විනාශකාරී ක්‍රියාවන් බොහෝමයක් සිදු කර ඇති අතර එම විනාශ කරන ලද දෑ අඩුපාඩුකම් සහිත ලේඛන ලෙස හඳුන්වා දී ඇත. තවද ඔහු විසින් ආණ්ඩුක්‍රම විරෝධී කෙටුම්පත් කිහිපයකට අත්සන් තබා ඇත. ඒ අතර NDAA (national defense Authorization Act), Executive order NDRA (National Defense Resources Preparedness) යන කෙටුපත් වෙයි. මෙම කෙටුම්පත් අපගේ ස්වාධීනතාව සහ ව්‍යවස්තාවට පටහැනි වේ.
ලෝක වාසී ජනතාවනි, රජයේ ප්‍රජාපීඩනය හේතුවෙන් අපගේ අන්තර්ජාලය භාවිතයේ නිදහස ක්‍ෂය වෙමින් පවතී. අපගේ අනාගතය සහ මනුෂ්‍යත්වයට ඇති ආදරයේ නාමයෙන්, ඇමරිකා එක්සත් ජනපදය, කොමියුනිස්ට්වාදී චීනයේ අඩිසළකුණු ඔස්සේ ගමන් කිරීමට පෙර, අවදි වී දෙනෙත් හැර බලන්න.
අපි නිර්ණාමික පිරිසයි.
අපි මහා හමුදාවයි.
අපි සමාව නොදෙමු.
අපි අමතක නොකරන්නෙමු.
අපිව අපේක්‍ෂා කරන්න.[/quote]

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...