සිහිනෙන් දුටු රන් ටොන් දහසක් ගොඩ ගැනීමේ උත්සාහයක්

ඉන්දියානු ආණ්ඩුවේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් රත්රන් තොගයක් ගොඩ ගැනීමේ ගවේෂණයක නිරත වෙමින් ඇතැයි වාර්තා වෙයි. පෞරාණික මාළිගයක රත්රන් ටොන් දහසක් වළ දමා තිබෙනු තමා සිහිනෙන් දුටු බව හින්දු ඍෂිවරයකු ප්‍රකාශ කිරීමෙන් පසු රන් ගවේෂණය ආරම්භ කොට තිබේ.

තමා සිහිනයෙන් දුටු රත්රන් ටොන් දහස දහනව වැනි සියවසේ දී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක අධිපතිවරයා ව සිටි රාඕ රාම් බක්ස් සිං නම් පාලකයාට අයත් බව, ඍෂි වරයා පවසා ඇත.

ඍෂි වරයා තමාදුටු සිහිනය ආණ්ඩුවේ ඇමති වරයකුට කියා ඇති අතර රන් වළ දමා ඇතැයි ඔහු සිහිනයෙන් දුටු පැරණි මාළිගා භූමිය මැණ කැණීම් ආරම්භ කරන මෙන් එම ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.

එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම ඉන්දියාව තුල දැඩි විවේචනයට ලක් වෙමින් ඇති නමුත්, ඍෂිවරයාගේ සිහිනය ප්‍රචාරය වීමත් සමඟ රන් තොගය වළ දමා ඇතැයි කියන භූමිය කරා විශාල පිරිසක් රොක් වෙමින් ඇති බවක් ද වාර්තාවෙයි.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...