මහමග යනෙන අපට හමුවන මිනිස්‌සු විවිධය. ඔවුහු අප සිහිනෙන්වත් නොසිතන දේ කරති. එවැනි අසාමාන්‍ය මිනිසුන් ගැන ලියෑවුන ලිපි පෙළක මුල් ලිපියය මෙය.
මනුෂ්‍යයා රත්රන් සොයා පොළොව හාරන්නට පටන් ගත්තේ මෙයට අවුරුදු කීපයකට පෙරද· නැගෙනහිර යුරෝපයට අයත් බල්ගේරියාව නමැති රටේ ඪැරබ්බැජරදචදකසි නමැති සුසාන භූමියෙන් මතුව තිබෙන රන් කැබලි කිහිපයකට අනුව මිනිසා මුල්වරට රන් සොයාගන්නට ඇත්තේ මෙයට වසර 7000 කට පෙර ය. රන් උණු කිරීම සඳහා එකල සුදුසු තාක්‍ෂණයක් නො තිබුණ නිසා ඪැරබ්බැජරදචදකසි රන් කැබැලි තුළ කුණු කන්දල් බහුල ය. මේ රන් කැබැලිවල වයස නිර්ණය කරන ලද්දේ ඒවා සමග වළ දමා තිබූ මෘත දේහ කිහිපයකට අයත් ඇටකැබැලිවල වයස ගණනය කිරීමෙනි. මේ අනුව ලෝකයේ ප්‍රථම රන් කණින්නෝද රන්කරුවෝ ද නැගෙනහිර යුරෝපයේ ජීවත් වන්නට ඇති බව සිතිය හැකිය.
මේ සිතුවිලිවලින් කිසිදු පලක් නැති, බල්ගේරියාව සහ නැගෙනහිර යුරෝපය ගැන අසාවත් නැති, රන් කර්මාන්තයේ ඉතිහාසය ගැන සිතාවත් නැති රන් කණින්නකු ගැන අපි දනිමු. ඔහුගේ නම ආර්. වීරමුණ්‌ඩි ය. ඔහු දන්නේ තමා කොළඹ කොටහේනේ උපන් බව පමණිá දැන් කොළඹ කොච්චිකඩේ අතුරු පාරක ජීවත් වන බව පමණි. කොච්චිකඩේ හන්දියෙන් මීටර් 50 ක් පමණ කොළඹ පැත්තට වෙන්නට වරායේ තාප්පය අසලින් දිවෙන රෙක්‌ලමේෂන් පාර, හෙට්‌ටිවීදියේ අවසන් කොන, වේලන්කන්නි මාතාවගේ පල්ලිය පසුකර දිවෙන පාර යන ප්‍රදේශ ඔහු නිතර ගැවසෙන කලාපය ය. ඉනුත් මේ දවස්‌වල ඔහු නිතරම ඉන්නේ වරායේ තාප්පය අසලින් දිවෙන පාර අයිනේ පිහිටි කුණු කාණුවකට අත දමාගෙනය. ඔහු මේ සොයන්නේ රන්ය. ඔහුට දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව හොඳම රන් ආකරවලින් වැඩක් නැත. ගිනි ගහන අව්ව මැද ඔහු අත දමාගෙන සිටින මේ කුණු කාණු කට ඔහුට රන් සපයන ආකරයයි.
ඔහු සමග කතාවට මග පාදගනු පිණිස ඔහු අසලට ගිය මම මහත් ආදරණීය ලෙස ඔහු සමග සිනාසුණෙමි. මා කා සමග සිනා සෙන්නේදැයි සෙවීමට වට පිට බැලූ ඔහු දොaතින් ගත් ගඳ ගසන මඩ තලිය පසෙක එලා ඇති සුදු රෙදි කඩක් මත අතුරන්නට පටන් ගත්තේය.
“වැඩ වගේ… ” මම කීවෙමි. එහෙත් මා කතා කරන්නේ ඔහුට යෑයි විශ්වාස නොකළ ඔහු දිගටම තම කටයුත්තේ නිරත විය.
මම අත වූ පෑන බිම දමා එය අහුලන ගමන් ඔහුගේ මුහුණට එබී සිනාසුණෙමි. ඒ මුහුණ කලුම කලු සමකින් ආවරණය කළ හිස් කබලක් බඳු විය. එහි ඇස් ගුලි පිහිටා තිබුණේ කුඩා නොගැඹුරු වළවල් දෙකකට හෙළන ලද වීදුරු බෝල දෙකක් ලෙසය.
එවර නම් ඔහු මා සමග සිනහ විය.
“මොකද මේ මඩ කලත්තන්නේ” මොනවත් කාණු කටට වැටිලාවත්ද?
“වැටිච්ච දෙයක් තමයි හොයන්නේ”
ඔහුගේ බස ඉතාම නාගරික අව්‍යක්‌ත ස්‌වරයකින් යුතුය. “සර් කස්‌ටම් එකේ නේද?”
“කොහොමද දැනගත්තේ…?” මා දිවයින පත්තරයේ බව මේ මිනිහාට කීමෙන් තඹ සල්ලි භාගයක වැඩක් නැති නිසා ඔහුට කැමැත්තක් හිතා ගන්නට මම ඉඩ හැරියෙමි.
“සර් කස්‌ටම් එකේ නැද්ද ලිකර් එහෙම? අපි දන්න මුදලාලි කෙනෙක් කෑෂ්වලට ගන්නවා. අල්ලලා දෙන්නද? මටත් කට් එකක් දෙන්න…..”
ඔහු මෙතරම් ඉක්‌මනින් මෙපමණ කතා කරතැයි මම නිකමටවත් නොහිතුවෙමි. ඔහු මටත් වඩා දරුණු කතා කාරයෙකි.
“ක්‍රිස්‌මස් කිට්‌ටුවෙලා බලමු. තවම ලිකර් ස්‌ටොක්‌ස් හරියට එන්න පටන් ගත්තෙ නැහැ…….” ඒ වූකලී පත්තර රස්‌සාව විසින් මට පුරුදු කරන ලද තැනට සුදුසු වචන ය “මොනවද ඔය හොයන්නේ”
“රත්තරන්………” ඔහු කීවේය.
ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ
ආර්. වීරමුණ්‌ඩි හෙවත් රාමස්‌වාමි වීරමුණ්‌ඩිගේ වයස අවුරුදු 37 කි. අවුරුදු 137 ක පෙනුමක් ඇති ඔහු නිරුවතින් නිදි කළහොත් ඊජිප්තු මමියක ස්‌වරූපයට කිට්‌ටු බව මට සිතෙයි.
“මේ කාණුවේ කොයින්ද රත්තරන්…”
නැගී සිට දෑත් ගසා දැමූ ඔහු එවිට විසිව ගිය මඩ තලි මගේ සුදු කමිසයෙහි පතිත වී දැයි සැකහැර දැන ගනු පිණිස එබී බලා “මට රුපියල් සීයක් දෙන්න….. “යි කීවේය.
“විටක් කන්නයි, සිගරැට් දෙකක් බොන්නයි…” කියමින් රුපියල් සියය කමිස සාක්‌කුවේ දමාගත් ඔහු “මහත්තය කස්‌ටම් එකේ නෙවෙයි. ලිකර් කතාවත් බොරු. ඒක මහත්තයත් දන්නවා මාත් දන්නවා. මහත්තයට ඕනෑ මේ රත්තරන් කතාව…… ” කියමින් මගේ හිස භ්‍රමණය වීමට සලස්‌වා සිය “කතා ටැප් එක” සම්පූර්ණයෙන්ම ඇර දැමීය.
මේ කුණු කාණුව ඇතුළෙ තියෙන්නේ හෙට්‌ටිවීදියේ රත්තරන් බඩු සාප්පුවලින් එන රත්තරන් කුඩු, හෙට්‌ටි වීදියෙ කඩවල් උදේම අරින්න කලින් හැමදාම අතුගානවා. කඩවල් ඇතුළෙ තියෙන වර්ක් ෂොප් එකත් අතුගානවා. ඊට පස්‌සෙ අතුගාපු කුණුq අස්‌සෙ බලනවා ඇහැට පෙනෙන රත්තරන් කෑලි තියෙනවාද කියලා. ඊට පස්‌සෙ “චීනක්‌කන්නාඩියක්” (උත්තල කාචයක් – චීනක්‌කන්නාඩිය යනු වසර 200 ක් පැරණි අද වහරේ නැති පදයකි) අල්ලල බලනව එක සැරේට ඇහැට නොපෙනෙන “ඩස්‌ට් කෑලි” තියෙනවද කියල. තියෙන කෑලි ඔක්‌කොම එකතු කරගෙන දූවිලි ටික පාරට අතුගානවා. සර් දන්නවනේ අවුරුද්දට පාරක් කට කපල වහින බව? ඔය වැස්‌සට හෙට්‌ටිවීදියේ පාරවල් හෝදාගෙන එන වතුර පාර මේ කුණු කාණු කටවල් දිගේ මූදට යනවා. ඒ වතුර පාර තනිකරම කලුපාට මඩ වතුර පාරක්. අපි කරන්නේ ඒ වතුර එක්‌ක ඉතුරුවන මණ්‌ඩි ටික අරගෙන රෙද්දක අතුරුවා වේලුනාම “චීනක්‌කන්නාඩියෙන්වත් දකින්න බැරි වුණු ගෝaල්ඩ් ඩස්‌ට් එක එකතු කරන එක…….” ඔහු සිය ගිලීගිය දැසින් කදිම දිස්‌නයක් මා වෙත හෙළුවේය.
“ඒවා කාටද විකුණන්නේ.. ” මම ඇසීමි.
“හෙට්‌ටිවීදියටම දෙනවා. දවසකට ග්‍රෑම් එකක් එකතු කරගන්න මට පුළුවන්. ග්‍රෑම් එකක් රුපියල් තුන්දාහ ගාණේa දෙන්න පුළුවන්…”
වීරමුණ්‌ඩි කියන පරිදි ඔවුන් ගෙනෙන රත්තරන් ඉතා පිරිසිදු රත්තරන් ලෙස පිළිගැනීමට හෙට්‌ටිවීදියේ රත්තරන් බඩු කඩ සූදානම්ය.” මේක එදා ඉඳල කරන බිස්‌නස් එකක්” ඔහු කියයි. “මේක කරන අපේ කට්‌ටිය තව ඉන්නවා. අද ඉන්නේ මං විතරයි.”
කැරට් 22 රන් ග්‍ර්‍රම් එකක වෙළෙඳපොළ අගය මිල මේ දිනවල රුපියල් 4000 ඉක්‌මවන්නේ නැත. “ගෝල්ඩ් මාර බැහිල්ලක් බැස්‌සා…..” වීරමුණ්‌ඩි කියයි. “ආයි ගොඩ එන පාටක් පෙනෙන්නට නැහැ.”
වීරමුණ්‌ඩි රන් විකුණා උපයන මුදලින් කුමක් කරන්නේද? ඔහුගේ කතාවේ අන්තිම හරිය විශ්වාස කිරීමට මම අකැමැත්තෙමි. “ඔන්න හවසට තුන්දාහක් ගන්නවා. දාහක් පවුලට දෙනවා. දාහක කුඩු ගහනවා. ඉතුරු දාහ සාක්‌කුවේ දාගෙන සිගරැට් බීල බුලත්විට කාල දවල්ට බුරියානි µqල් එකක් කනවා……”
“දවසට සිගරට් කීයක් බොනවාද? මා මේ අසන්නේ නිරර්ථක ප්‍රශ්න විය යුතුය.
“සිගරට් 20 යි. ප්ලේන්ටි 10 යි බුලත්විට 5 යි..”
මේ වියදමට බුරියානි වියදම එකතු කළ විට වීරමුණ්‌ඩි සාක්‌කුවේ දමා ගන්නා රුපියල් දහස පිළිබඳ ගනුදෙනුව බේරා ගැනීමට මට හැකිය.
මෝසම් වර්ෂාව විසින් රන් ගෙන්වනු ලබන එකම රට ශ්‍රී ලංකාව විය යුතුය. නිරිතදිග මෝසම් වැස්‌ස සහ ඊසානදිග මෝසම් වැස්‌ස විසින් වීරමුණ්‌ඩිගේ කටට බුරියානිත්, පෙනහළුවලට සිගරැට් දුමත්, නාසයට “කුඩුත්” ගෙන දීම පිළිබඳ කතන්දරය එසේය.
සටහන : අනුර සොලමන්ස්