16 C
London
Thursday, November 13, 2025
spot_img

“ගෝල්ඩන් කී සල්ලි සඳුදා ඉඳලා දෙනවා “

මීළඟ නඩු දිනය වන තුරු නොසිට සඳුදා සිට වුවත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ සැලැස්‌මක්‌ ආණ්‌ඩුව සකස්‌ කර ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙසේද කීය.

රටේ ආර්ථිකය කාපු අය නිවාඩ් කබ්රාල්ලා ගෝල්ඩන් කී කඩා වැට්‌ටුවා. මිලියන 26800 ක තැන්පත් විනාකම නිරාකරණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා.

ආර්ථික ඝාතකයන්ගේ වැඩ නිසා සෙලින්කෝ සමාගම කඩා වැටුණා. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සියයට 41 ක්‌ දෙන්න කීවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අධිපතිට ඕන ලෙස සමාගම් ටික දීලා ලබා ගන්න තිබූ මුදල් ටිකත් නැති කළා. මට කනගාටුයි සියයට 41 කට වඩා ගෙවන්න තිබුණ වත්කම් ටික විකිණුවේ නැත්නම්. මේ ගැන එකින් එක උත්තර දෙන්න වේවි.

තැන්පත්කරුවන්ට මුදල් ගෙවන්න මූල්‍ය ප්‍රතිපාදන නෑ. අලුත් ආකාරයට මුදල් හොයා ගත හැකි ක්‍රම ඇති. වත්කම් මීට වඩා තිබෙනවා. මේ වත්කම් අත්පත් කරගෙන ගනුදෙනුකරුවන්ට මුදල් ගෙවනවා. නඩු 29 ක්‌ තිබෙනවා.

අපේ මුදල් ආපසු ගෙවීමේ සැලැස්‌ම ලිතව ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්නම්. අපිට මෙය සඳුදා සිට ගෙවීමේ හැකියාව තියෙනවා. අවුරුද්දකදී මේ මුදල් ලබා දීමේ සැලැස්‌මක්‌ අපි සාදා තිබෙනවා. මෙය ඊළඟ නඩු දිනය වනතුරු ඉන්න ඕනෑ නෑ. හෙට මෝසමක්‌ ඉදිරිපත් කර සඳුදා සිට මුදල්a ගෙවන්න පුළුවන්.

රුපියල් ලක්‍ෂ විස්‌සක තැන්පත්කරුවන්ට මාසයක්‌ තුළදීත්, රුපියල් ලක්‍ෂ විස්‌සේ සිට රුපියල් කෝටිය දක්‌වා තැන්පත් කළ අයට මාස දෙකක්‌ තුළදීත්, රුපියල් කෝටියකට වඩා වැඩි තැන්පත්කරුවන්ට වසරක්‌ තුළදීත් ඔවුන්ගේ මුදල් ගෙවීමේ සැලැස්‌මක්‌ සකස්‌ කර තිබෙනවා. තැන්පත්කරුවන්ට අපේ ආණ්‌ඩුව විශ්වාස කරන ලෙස ඉල්ලා සිටිනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles