17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ගූගල් සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි

Google Translate කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translate සහාය දැක්වූයේ නැහැ.

ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිඛෙනවා.

ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.

Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්‍රණාමය.

ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා.

ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles