Google, You Tube ට එරෙහි ලන්ඩනයේ විරෝධතා

Google හා You tube හරහා ප‍්‍රචාරය වන ඉස්ලාම් විරෝධී අමරිකානු චිත‍්‍රපටය ඉවත් කරන ලෙස ඉල්ලමින් 10000 කට අධික ජනතාවක් ලන්ඩනයේ Google මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඉස්ලාම් විරෝධී අමරිකානු චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය නවතන තුරු ලොව පුරාම වූ Google හා You Tube කාර්යාල ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂණ පවත්වන බවත් ඔවුන් තව දුරටත් ප‍්‍රකාශ කර ඇත.

මෙම චිත‍්‍රපටය යනු මාධ්‍ය නිදහස අනුව අදහස් ඉදිරිපත් කිරීමක් නොව තම ශුද්ධ වූ නබිතුමාට කරන ලද අපහාසයක් බැවින් එය අනුමත නොකරන බවත් ඔවුන් ප‍්‍රකාශ කර ඇත.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...