Google,Starbucks සහ Amazon එකසත් රාජධානියේ රජ උදහසට
November 15, 2012
6 Views
Google,Starbucks සහ Amazon ආයතන බ්‍රිතාන්‍ය තුල බදු මගහැරීමේ ක්‍රියාවලියක නිරත වන බවට චෝදනා එල්ල වී තිබේ. එසේම පසුගිය දා එම ආයතන තුනේම ප්‍රධානීන් පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව ඉදිරියට ගෙන්වා ප්‍රශ්න කරන ලදී. මෙහිදී සිදුවූ කැපී පෙනෙන දෙය නම් Amazon ආයතනයෙන් සහභාගී වූ ප්‍රධානියා සතුව තම ආයතනයේ ගිණුම් වාර්තා කිසිවක් නොතිබීමයි.දැනට හෙළිවී ඇති තොරතුරු වලට අනුව මෙම බාදු මගහැරීමේ ක්‍රියාවලිය සඳහා Google ආයතනය වෙළඳ දැන්වීම් සඳහා තම අන්තර්ජාල ඉඩකඩ විකිණීම සිදු කරන්නේ Republic of Ireland සිටය. එයින් ඔවුන් බ්‍රිතාන්‍ය තුලින් උපයන අදායම සඳහා බදු මගහැරීමක් කරන්නේද යන්න දැන් සොයා බලමින් පවතී. එමෙන්ම Starbucks ආයතනය තම යුරෝපයේ ප්‍රධාන ශාකාව නෙදර්ලන්තයේ පිහිටවීම මගින් සහ Amazon ආයතනය තම මෙහෙයුම් කටයුතු Luxembourg කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යාමත් සිදුකරනු ලබයි.කෙසේ වෙතත් මේ දිනවල ව්‍යාපාර ක්ෂේත්‍රයේ පමණක් නොව සාමාන්‍ය ජනය අතරද මේ පිලිබඳ විශාල කතිකාවතක් පවතින්නේ තමන් ගෙවාන බදු වලට නිසි වටිනාකමක් ලැබෙන්නේද යන්න නිරතුරුව අවධානය යොමු කරන බැවිනි.
featured Latest slider 2012-11-15