ජවිපෙ කිහිප දෙනෙකු විසින් තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවෙ තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීමේ අරමුණෙන් බැවින් නාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජවිපෙට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කර ඇති චෝදනා කරයි. එසේම එම ඉදිකිරීම් සිදු කර අවසන් යැයි පවසා මුදල් නිදහස් කළද තවමත් එහි බොහෝ ඉදිකිරීම් අවසන්ව නැති බවත් පවසමින් ජවිපෙ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදී ඇත. ඒ සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවත්, කිසිදු වංචාවකට තමන් දායකවී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ