ගෝඨාභය හා හිටපු නාවික හමුදාපති සෝමතිලකට රට යාම තහනම්

-හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු නාවික හමුදාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරිමට අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව මහජන සාමය ආපදාකළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂීයන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය පනවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බව අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට අද (09) සිට ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක් පනවා ඇත.

අදාල නියෝගය අද පෙරවරු 10.33 සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර මංජුල කුමාර යාපා හා කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලගේ යන දෙදෙනාටද විදෙස් ගමන් තහනම් කර ඇත.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශණ කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම ගුවන් ගමන් තහනම් නියෝගය පනවා ඇති බව වාර්තා වෙයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...