බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හොර රහසේ පවත්වාගෙන ගොස් තිබූ බව කියන ආයුධ ගබඩාව සහ ඇවන්ගාඩ් ආයුධ නෞකාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය ඊයේ (13) ප්‍රකාශ ලබා ගන්නා ලදී. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පත් කළ රහස් පොලිස් නිලධාරීන් තිදෙනකු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ ගොස් මෙසේ ප්‍රශ්න කිරීම සිදු කර ඇති අතර පැයක පමණ කාලයක් මෙම ප්‍රශ්න කිරීම සිදු වී ඇති අැත. එහිදී ඇතැම් තොරතුරු අදාළ ලිපිගොනු පරීක්ෂා කර බලා පිළිතුරු දිය යුතු බව රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව, එම ආයුධ තොග, ඒවා එම ආරක්ෂක අංශ වෙත ලැබීම, යුද්ධයේදී පමණක් භාවිතා කරන ආයුධ එම ආරක්ෂක අංශවලට ලැබී තිබීම, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආයුධ ගබඩාව එවැනි ස්ථානයක පවත්වාගෙන යෑම, එම ආරක්ෂක අංශවලට ඒ සඳහා අනුමැතිය ලබාදීම ඇතුළු ගැටලු රැසක් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සිදු කර ඇත.
ඉතිරි ප්‍රශ්න සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිතුරු දීමට රහස් පොලිසිය ඒ මහතාගේ ඉල්ලීම පරිදි දින ලබා දී ඇති අතර හම්බන්තොට මුහුදු ප්‍රදේශයේදී මෙයට සති තුනකට පමණ පෙර මේ ආයුධ නෞකාව ද සොයාගනු ලැබිණි. එම නෞකාව ආයුධවලින් පිරී තිබූ අතර, එහි කාර්ය මණ්ඩලය ප්‍රකාශ කැර තිබුණේ ඔවුන් ඒ මුහුදු ප්‍රදේශ හරහා යන නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා එසේ යොදා තිබූ බවයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ ආයුධ ගබඩාව ඊට දින කිහිපයකට පසු සොයාගත හැකි විය. එම ආයුධ ද පෞද්ගලික ආරක්ෂක සේවාවකට අයත් එකක් බව හෙළිකර ගැනීමට සමත් වි අැත.
මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය එම ආයුධ සහ නෞකාව බාරව සිටි අය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් පනස් දෙනකුගෙන්ද මෙම ප්‍රශ්නය සම්බන්ධව ප්‍රශ්න කර තිබේ. ආයුධ සම්බන්ධව දැනුම ඇති විශේෂඥ පුද්ගලයන්ගේ පරීක්ෂාවට එම ආයුධ තොග ලක්කර අැත. රහස් පොලිසියේ කණ්ඩායම් තුනක් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.