13.1 C
London
Friday, November 14, 2025
spot_img

මහින්ද සමයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීම නිසා ‍සේවකයින්ට අවුරුදු නැහැ

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනුයේ එතුමාගේ රජය විසින් ආරම්භ කළ සංවර්ධන කටයුතු ඇණහිටීම නිසා සේවකයන් දහස් ගණනකට රැකියා අහිමි වී අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව ළතැවෙමින් සිටින බවයි. එම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අභූත චෝදනා නැගීමට වත්මන් රජය කටයුතු කරගෙන යන බැවින් සියලු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ සැකසංකා ඇතිවුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේ අනාගත පරපුරට බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉදිකිරීම් කර්මාන්තයේ සෑම කොන්ත්‍රාත්කරුවෙකුම උප කොන්ත්‍රාත්කරුවන් සේවයට යොදාගත්තද ව්‍යාපෘතියේ අවසාන වගකීම් ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුට බවත්, අඩු හෝ වැඩි වශයෙන් උප කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබානොගන්නා කොන්ත්‍රාත්කරුවෙකු ලෝකයේ කොතනකවත් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. පසුගිය ආණ්ඩවු සමයේ සම්පූර්ණ කරන ලද මහාමාර්ග ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා නගන ලද චෝදනාවන්ට පිළිතුරු සපයමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ (05දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වෙයි. මහාමාර්ග ව්‍යාපෘතියක් වැනි සංකීර්ණ වියදම් අධික ව්‍යාපෘති සඳහා යන වියදම තාක්ෂණික හා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ටෙන්ඩර් කමිටු හරහා තියුණු විමර්ශනයකට ලක්කරන බවත්, අවසානයේදී ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ලුණුගම්වෙහෙර සිට කතරගම දක්වා දිවෙන මාර්ගය, කලුගම-විල්කටුපොත මාර්ගය, කෑගල්ල වටරවුම් පාර, යාපනය – පුනාලේ පේදුරුතුඩුව මාර්ගය යන ව්‍යාපෘති පිළිබඳව කබිර් හෂීම් ඇමතිවරයා දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වන හිටපු ජනාධිපතිවරයා කියා සිටිනුයේ, මහාමාර්ග ව්‍යාපෘතියක් යනු සීනි, පරිප්පු වැනි නිශ්චිත මිලක් ඇති නිෂ්පාදන නොව විශාල මුදලක් වැයවන අතිදැවැන්ත සංවර්ධන කාර්යයක් බවයි.

ලුණුගම්වෙහෙර සිට කතරගම දක්වා තිබූ කිලෝමීටර් 13.08 ක බොරලු පාර මීටර් 17.02 ක් පළල් මංතීරු 04 කින් යුත් මහා මාර්ගයක් බවට පත්කිරීම සඳහා රුපියල් මිලියන 3584 ක ඇස්තමේන්තුවක් කළද, අමතර බෝක්කු යෙදීම, පස් ඉවත් කිරීම හා පහත් බිම් ගොඩකිරීම, කොන්ක්‍රීට් බැමි බැඳීම ආදිය සිදුකළ බවද ඔහු ප්‍රකාශ කරයි.
එසේම යාපනය – පුනාලේ – පේදුරුතුඩුව මාර්ගයේ කිලෝමීටර් 1.5 ක කොටස රුපියල් මිලියන 470 ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේදී අමතර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඉදිකිරීම් ද්‍රව්‍ය මැදවච්චිය හා වව්නියාව ප්‍ර‘දේශවලින්ද, පස්, බොරලු හා වැලි කිලිනොච්චියෙන්ද ගෙන ඒමට සිදුවූ බව රාජපක්ෂ මහතාගේ නිවේදනයේ සඳහන් වේ.
මේ ආකාරයටම අනෙකුත් මාර්ග ව්‍යාපෘතිවලදී අමතර පිරිවැය දැරීමට සිදුවන බවත්, උපදේශන සේවා සඳහා අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවත් පවසන හිටපු ජනාධිපතිවරයා, වත්මන් ආණ්ඩුවටත් විශාල ව්‍යාපෘති ආරම්භ කිරීමට සිදුවුවහොත් උපදේශන සේවා සඳහා වියදම් දරන්නට සිදුවන බව පවසා සිටියි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ, අතීතය ගැන සාවද්‍ය ප්‍රචාර සිදුනොකර අනාගතය දෙස සිත යොමුකරන්නැයි වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles