වයඹ පළාතේ ආණ්ඩුකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක්

අමරා පියසීලි රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය හිටපු ආණ්ඩුකාර තිස්සා බලල්ල මහතාගේ තීන්දුවක් නීති විරෝධී ලෙස වෙනස් කළැයි කියමින් සංධාන මන්ත්‍රී එය පියුමාල් හේරත් මහතා අද (17) දෝෂාභියෝග වාර්තාවක් සභාගත කරන ලදී.

බාලවයස්කාර දැරියක කෙලෙසූ බව කියන ගුරුවරයකු වැඩ තහනම් කර සේවයෙන් නෙරපා හැරීමට ගත් තීරණය ආණ්ඩුකාර පියසීලී රත්නායක මහත්මිය විසින් වෙනස්කර එම ගුරුවරයා යළි සේවයේ පිහිටුවේ යැයි පළාත් සභා ආරංචි මාර්ග සදහන් කරයි. ආණ්ඩුකාරවරයකුගේ තීන්දුවක් එසේ වෙනස් කිරීම නීති විරෝධී බව කියමින් මෙම දෝෂාභියෝග යෝජනාව ගැන හේරත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසූයේ ඒ ගැන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

යෝජනාව ඉදිරිපත් කිරීමට විරුද්ධව විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් නැගිට ගිය අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද ජනතා විමුත්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද සභාවේ රැඳී සිටියහ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...