16 C
London
Thursday, November 13, 2025
spot_img

Gravity, Harry Potter ඇතුළු ප්‍රමුඛ චිත්‍රපට රැසකට ලාංකිකයෙකුගේ සහාය

දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින් හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත් ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත. මීට අමතරව ඔහු Harry Potter and the Deathly Hallows: Part 1, Star Wars: Episode I – The Phantom Menace, Ra.One, Dredd සහ World War Z වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියකම ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු හා දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.

දැනට Industrial Light & Magic ආයතනයේ සේවයේ නියුතු තරංග, මීට ප්‍රථම Pixar Animation Studios සහ Dream works වැනි සුප්‍රසිද්ධ ආයතන වලද සේවය කර ඇත.

Source:Cinema.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles