13.3 C
London
Friday, November 14, 2025
spot_img

මධු සමය දා මනාලිය හෝටලයේ දමා කැලේ පැන්න පෙම්වතා

දෙල්තොට හෝටලයක සිය මනාලිය සමග මධුසමය ගතකරමින් සිටිය දී පසුගිය 29 දින අතුරුදන් වූ බව කියන මනමාලයා ඊට දින හතරකට පසු දාරාඔය මහමග ඇවිද යමින් සිටිය දී හමුවී ඇත.
මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිචි යුද හමුදා සෙබලෙකි. (33) ඔහු යුද හමුදාවට බැදී වසර දහයක් පමණ වන අතර උතුරේ සේවය කරයි.
වයස අවුරුදු විසිතුනක පමණ තරුණියක සමග මීට මාස හතකට පමණ පෙර විවාහ ගිවිසගත් ඔහු මනමාලිය කැඳවාගෙන ඒමට අලුතින් නිවසක් ද ඉදිකිරිම අරඹා දෙමාපිය නෑ හිතතුන්ගේ ද ආශිර්වාදෙයෙන් පසුගිය 29දා ජයටම මගුල් කෑවේය.
දෙල්තොට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග එකට වාසය කරණ බැවින් ඔහුට හා පවුලට හිතවත් දෙමළ මුස්ලිම් හිතවතුන් ද මේ මංගල උත්සවයට සහභාගී වූහ.
මංගල උත්සවයෙන් පසු මේ යුවළ මධුසමය ගත කිරීම සදහා දෙල්තොට පිහිටි හෝටලයකට පිටත්ව ගියහ. රාත්‍රි දහයයි තිහට පමණ කාමරයෙන් එළියට ගිය ඔහු නැවතත් කාමරයට නොපැමිණි නිසා මනාලිය එළියට පැමිණ විපරම් කොට ඇත. එවිට එහි සිටි ආරක‍්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ ඔහු එලියට යනු තමා දුටු බවයි. දීර්ඝ වේලාවක් නොපැමිණි නිසා ඇය විසින් ගලහ පොලීසියට මේ පිළිබද පැමිණිලි කලේය.
පොලිසිය ඔහු සෙවීමට මහත් වෙහෙසක් දැරුවද පසුගිය දින කිහිපය පුරාම ඔහු සොයා ගත නොහැකි විය. පොලිස් නිල සුනඛයින්ගේ සහාය පවා යොදා ගත්තද කිසිම තොරතුරක් සොයා ගත නොහැකි විය.
ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ ඔහු මහ මග ඇවිද යමින් සිටිනු දුටු ප්‍රදේශවාසින්ට මේ පිළිබදව ගලහ පොලිසීයට දැනුම් දී ඇත. ගලහ පොලිසිය ඔහු සොයාගන්නා විට ක්ලාන්ත ගතියකින් සිටි බැවින් ප්‍රතිකාර සදහා පේරාදෙණිය මහ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තමාට මුදල් නොමැති ප්‍රශ්නයක් තිබූ බවයි. පසුදා මනමාලිය නිවසට කැදවාගෙන යාමට එම මුදල් නොමැති ප්‍රශ්නය තමාගේ හිතට වදයක් වූ බැවින් ඒ පිළිබද කල්පනා කරමින් හෝටලයෙන් එළියට ගිය බව ද එසේ ගොස් ලූල්කදුර තේ වත්ත පැත්තේ ඇති ගල්ගුහාවකට වී මෙම ඒ කාලයේ දී කිසිම අහරක් නොලැබුණු බව ද ඔහු කියා ඇත.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කැර ඇතැයි රෝහල් ආරංචි සඳහන් කරයි.
ගලහ පොලිස් ස්ථානාධිපති පො.ප. චන්දන නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කළුආරච්චි මහතා පරීක්ෂණ මෙහෙයවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles