මීට දින තුනකට පෙර හම්බන්තොට රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි මවක් ඊයේ (25 දා) උදේ දහයට පමණ හම්බන්තොට රෝහලේ දෙවැනි මහලේ හය වැනි වාට්‌ටුවෙන් බිමට පැන සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේදී තුවාල ලැබ එම රෝහලටම ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.
සූරියවැව වැවේගම පදිංචිකාරියක් වූ මෙම මව දරු ප්‍රසූතිය සඳහා හම්බන්තොට රෝහලට ඇතුළු කර සිටියදී පසුගිය 21 වැනි දින දරුවා ප්‍රසූත කර තිබේ. ඉන් පසු රෝහලේ හය වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ උඩුමහලෙන් බිමට පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හම්බන්තොට පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.