12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

පෙම්වතියට සුභ රාත්‍රියක් කියා සදා නින්දට ගිය පෙම්වතා

නිවසේ සිටි ආත්තම්මා පොල් ගේන්න පිටත්කර යවා 21 හැවිරිදි තරුණයකු තම නිවසේ කාමරයේ සාරියක්‌ ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගොස්‌ තිබේ.

එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හොරතැපොල දලුපත්තෑව වත්තේ පදිංචිව සිටි 21 හැවිරිදි රණතුංග මුදලිගේ ධනුෂ්ක රොෂාන් නමැති තරුණයෙකි.

මව, පියා සහ එක්‌ සොහොයුරෙකු ඉතාලියේ සේවය සඳහා ගොස්‌ ඇති අතර මියගිය තරුණයා සිය මිත්තනිය සමග නිවසේ කල්ගතකොට ඇත.

ඊයේ (22 දා) උදේ 7.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. මියගිය රොෂාන්ගේ දුරකථනයට කෙටි පණිවුඩ රැසක්‌ පෙම්වතියගෙන් ලැබී ඇති බවත් පෙරේදා අළුයම මරණකරු විසින් “සුබ රාත්‍රියක්‌” ලෙස යෑවු පණිවුඩය පමණක්‌ එහි තිබී ඇත.

කුලියාපිටිය පොලිසියේ උ. පො. ප. චතුරංග සිල්වා, පො. සැ. (36831) ඥනරත්න යන මහත්වරු මූලික පරීක්‍ෂණ සිදුකළ අතර කටුගම්පල හදිසි මරණ පරීක්‍ෂක එස්‌. එම්. ඒ. ආර්. සත්කුමාර මහතා මූලික මරණ පරීක්‍ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයට දේහය කුලියාපිටිය මූලික රෝහලට යොමු කරන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles