17.1 C
London
Thursday, November 13, 2025
spot_img

හඟුරන්කෙත විමලරතන හිමි යළි සනත් ගුණතිලක වෙයි

ප්‍රවීන සිනමා නළු පැවදිදම් පුරා සතියකින් පසු චාරිත්‍රානුකූලව සිවුරු හැර ගිය බව කීනියාවල පාලිත හිමියෝ ඊයේ ප්‍රකාශ කළහ.

සනත් ගුණතිලක මහතා පැවදිදම් පිරූ කාලය තුළදී පන්සලේ ධර්මානුකූලව ජීවත් වූ බවත් ඔහු සිවුරට අගෞරවයක්‌ නොකළ බවත් උන්වහන්සේ කීහ. චාරිත්‍රානුකූලව පැවිදිදම් පිරූ ඔහු හඟුරන්කෙත විමලරතන නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වූ අතර සතියකින් පමණ පසු ඔහු මෙසේ චාරිත්‍රානුකූලව සිවුරෙන් ඉවත් වූ බවද උන්වහන්සේ කීහ.

මෙවැනි සිද්ධීන් පිටරටවල පවා සිදුවෙන බවත් සමහරු මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක්‌කිරීම අසාධාරණ බවත් උන්වහන්සේ කීහ. මේ පිළිබඳව සනත් ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ තමාගේ සිනාව අතරින් නමැති චිත්‍රපටය සඳහා තමා තාවකාලිකව මෙසේ පැවිදිදම් පිරුවේ චාරිත්‍රානුකූලව බවය.

බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේ තමා මෙසේ පැවිදිදම් පිරූ බවත් ඔහු කීවේය.

නෝමන් පලිහවඩන (දිවයින​)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles