තෛ‍පොංගල් හා මිලාඩ් -උන් නබි අදයි

ලොව පුරා හින්දු භක්තිකයින් හිරු දෙවියන් වන්දනාමාන කරන තෛ‍පොංගල් දිනය අදට (14) යෙදී ඇත.

එළැඹුණු වර්ෂයේ සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කරමින්, හින්දු ජනතාව විසින් හිරු දෙවියන් නැමදීම සිදු කෙරෙන අතර, සහල්, සකුරු, හා කිරි මිශ්‍ර ‍පොංගල් නම් කිරිබතක් සකසා මෙහිදී හිරු දෙවියන් සඳහා පූජා කිරීම සිදු කරයි.

මේ අතර ඉස්ලාම් බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරනු ලබන නබිනායක තුමන්ගේ ජන්ම දිනයද අදට යෙදී ඇත. මුස්ලිම් භක්තිකයින් ශුද්ධ වූ නබි තුමන්ගේ උපත හෙවත් මිලාඩ් – උන් නබි උත්සවය සමරනු ලබන්නේ සාමයේ වැදගත්කම පිළිබඳ පණිවුඩය ලොවට ලබා දෙමිනි.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන රාජ්‍ය තෛ‍ෙපාංගල් උළෙල මෙවර යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල් පුදබිමේදී හින්දු චාරිත්‍රානුකූලව ජනවාරි 19වන දින උදෑසන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ තෛපොංගල් ජාතික මහෝත්සවයට උතුරු පළාත් සභා ප්‍රධාන ඇමැතිවරයා ප්‍රධාන නියෝජිතයන්ද, යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසකටද ආරාධනා කර තිබේ.

ප්‍රදේශයේ සංස්කෘතික සංවිධානයන්හි සහ පාසල්වල සහභාගිත්වයෙන් හින්දු සම්ප්‍රදායානුකූල නර්තනාංග රැසක් සමඟ පවත්වන සංස්කෘතික උළෙල මෙවර රාජ්‍ය තෛපොංගල් උත්සවයේ විශේෂත්වයක් වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...