“ඔව් මම යනවා පොදු විපක්ෂයේ ආණ්ඩුවකට“ – හරීන් (VIDEO)

“ඔව් මම ආණ්ඩුවට යනවා. ඒ ජනවාරි 9 වැනිදායින් පස්සේ. හැබැයි ඒ පොදු විපක්ෂයෙන් හදන ආණ්ඩුවකටයි” යැයි ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයට එක්වූ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් හරීන් ප‍්‍රනාන්දු මහතා බදුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අවධාරණය කළේ ය.

“මම ආණ්ඩුවට එක්වෙනවා කියලා දිගින් දිගටම ගෙනයන මේ මඩ ප‍්‍රකාශය ගැන මට කනගාටුයි. එක්සත් ජාතික පක්ෂයේ කසකාරයා වුණු හරීන් ප‍්‍රනාන්දු මට මගේ පක්ෂය හොඳට සළකලා තියෙනවා. මම ආගම දහමට හා සමානව, මාපියන් දරුන් හා සමානව මගේ පක්ෂය සළකන්නේ. මම ප‍්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන්නේ. මට පක්ෂයෙන් අසාධාරණයක් වුණොත් මම කරන්නේ මට විපක්ෂයට ගිහින් මට ඡුන්දෙ දුන්නු ජනතාවගෙන් පළිගන්නේ නෑ. මම කරන්නේ පක්ෂ දේශපාලනයෙන් අයින් වෙන එකයි. මාත් සමඟ එකතු වෙන්න ඉන්න කණ්ඩායම නවත්තන්නයි මේ එක පිඟානේ කාපු, සහෝදරයෙක් වගේ සළකපු තිස්ස කුට්ටිආරච්චි වගේ කෙනෙක් වැනි පුද්ගලයෙකු මෙහෙම මඩ ගහනවා. එතුමාට ජනතාව තීන්දුවක් ලබාදෙයි. ජනපති මහින්ද රාජපක්ෂ, ඇමැති බැසිල්, මන්ත‍්‍රී නාමල් හෝ කිසිම කෙනෙක් මට මුදල් දෙන්නවත්, මට ආණ්ඩුවට කතා කරලාවත් නෑ අද වෙනතුරු. ඔය තිස්ස කුට්ටිආරච්චි වගේ පණිවිඩකාරයෝ නම් එක එක මඩ කතා යවනවා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“තිස්ස කුට්ටිආරච්චි ගියාට පස්සේ මම දුරකතන ඇමතුමක්වත් දුන්නේ නෑ. මම වචනයක්වත් මාධ්‍යයට කිව්වෙත් නෑ. නමුත් වයිබර් ඔස්සේ ඔහු හැමදාම එක එක මල්, අඬන පින්තූරු, රෝසමල් දම දමා පණිවිඩ එවනවා. මම නම් ප‍්‍රතිචාර දැක්වූවේ නෑ. ඔහුට මගේ උත්තරයක් අවශ්‍ය වී තිබෙනවා. ඒකයි මම මෙහෙම කියන්නේ. දේශපාලන යාළුකම පෞද්ගලික යාළුකමක් දක්වා මම අරන් ගියා. මෙතැනින් එහාට මම ආයේ උත්තර දෙන්නේ නෑ. මම පක්ෂය එක්ක හැමදාම ඉන්නවා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසී ය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...