13.1 C
London
Friday, November 14, 2025
spot_img

තෙල් ගැන හර්ෂගෙන් සහතිකයක්

ලෝක වෙළෙඳ පොළේ යම් ප්‍රමාණයකින් බොරතෙල් මිල ඉහළ නැඟ තිබු‍ණත් භූමිතෙල් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් දැනට පැන නැඟී නැතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පසුගිය රජය ලෝක බොරතෙල් මිල අඩුවන විට ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු නොකළ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාසිය එම රජය ලාභයක් ලෙස තබා ගැනීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

නමුත් වර්තමාන රජය මෙම වාසිය මහජනතාවට ලබා දී බදුවල වෙනසක් කර නැතැයි සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 110 – 115ත් වැනි ඉහළ තැනක තිබුණත් පසුගිය රජය එම පරතරයෙන් විශාල ප්‍රයෝජන ලබා ගත් බව පැවැසීය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල උච්චාවචනය වන ආකාරයට අනුව දූෂණ නැති කාර්යක්ෂම ඛනිජතෙල් සංස්ථාවක් හරහා තෙල් මිල යම් සමීකරණයකට ඉහළ පහළ යෑම ජනතාව දරාගන්නා බව තමන්ට විශ්වාස යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කරන ලද විශේෂ විගණනයකදී තෙල් සංස්ථාවේ කොපමණ දූෂණයක් සිදුවුණා ද යන්න හෙළිදරව් වූ බව සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles