ඉරුවාරදය

ඉරුවාරදය යනු රුධිරවාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හටගන්නා හිසේ ඇතිවන වේදනා තත්ත්වයකි. සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී. එමගින් රුධිර නාල තවදුරටත් ප්‍රසාරණය වන අතර එය හේතු කොටගෙන අධික රුධිර ප්‍රමාණයක්‌ හිසට ගමන් කරයි. එමගින් ආසාදනය හා වේදනාව හටගනී. දිගින් දිගටම මෙසේ ශිරා ප්‍රසාරණය වීමෙන් වේදනාව තවදුරටත් තීව්‍ර කරයි.

රෝග ලක්‍ෂණ (-

බොහෝ අවස්‌ථාවල හිසේ අඩක වේදනාව හටගන්නා අතර එය හිස පුරාම පැතිරී යයි. පැය 3 ක්‌ 4 ක්‌ කාලයක සිට පැය 72 ක්‌ එනම් දින 3 ක්‌ පමණ දිගටම පැවතිය හැකිය. කුඩා දරුවන්ට පැය 1 සිට පැය 48 ක්‌ එනම් දින 2 ක්‌ දක්‌වා පැවතිය හැකිය.

ඇස්‌වල ඇතිවන දැවිල්ල, නින්ද නොයැම, හිසේ කරකැවිල්ල සමග ඇතිවන වමනය, අධික මහන්සිය, තෙහෙට්‌ටු ගතිය, මානසික ආතතිය, දිගින් දිගටම ඈනුම් යැම, අධික පැණි රස හා ලුණු සහිත ආහාරවලට ඇතිවන රුචිකත්වය ආදිය රෝග ලක්‍ෂණ කිහිපයකි. මෙම රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකිය.

රෝගය ඇති වීමට හේතු (-

මත්පැන් හා දුම්වැටි පානය කිරීම, පමණට වඩා අධික ලෙස ආහාර ගැනීම, අවශ්‍ය ප්‍රමාණයටවත් ආහාර නොගෙන සිටීම, අධික වේලාවක්‌ අව්වේ සිටීම, එකවිටම අධික හිරු එළියට ඇස්‌ නිරාවරණය කිරීම, නිදි වැරීම, අධික ගඳ සුවඳට නිරාවරණය වීම, අනුමැතියකින් තොරව අධික ලෙස ව්‍යායාමවල නිරත වීම, අඩු ආලෝකයෙන් පොත්පත් කියවීම, රූපවාහිනිය ආසන්නයේ සිට වැඩි වේලාවක්‌ නැරඹීම, පරිගණකය වැඩි වේලාවක්‌ එක දිගට හැසිරවීම, වාහනවල ගමන් කරන අතර තුර පොත්පත් කියවීම සහ විවිධ ආහාර පාන වර්ග හා ඖෂධ වර්ග විෂවීම මගින්ද ඉරුවාරදය රෝගය හටගත හැකිය.

එම නිසා ඉරුවාරදය රෝගය පවතින රෝගීන් මෙවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුය. එමගින් බොහෝ දුරට රෝගය පාලනය කරගත හැකිවේ.

මෙම රෝගයට ඉතාමත් පැරැණි ඉතිහාසයක්‌ පවතින ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඉතාමත් පහසුවෙන් කාර්ය බහුලත්වයට ගැලපෙන පරිදි නිෂ්පාදනය කරන රෝගයටම විශේෂිත වූ විවිධ ඖෂධ වර්ග මගින් ඉක්‌මන් සුවය ලැබීමට හැකිවේ.

වෛද්‍ය හේමාල් පිලපිටිය

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...