-ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටවන මානව හෘද කපාට බැංකුවේ ඉදිකිරීම් මේ මස ඇතුලත අරඹන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පවසයි. මෙම වසරේ ජුනී මාසය වන විට හෘද කපාට බැංකුව විවෘත කිරීමට නියමිත බවත් වෛද්‍ය සමරසිංහ මහතා සඳහන් කරන ලදී.
පුද්ගලයකු මිය ගොස් පැය විසිහතරක් ගතවීමට පෙර කපාට ලබාගත යුතු බවත් එබැවින් මේ සඳහා පුළුල් ලෙස ජනතාව දැනුම්වත් කර මෙම උතුම් පුණ්‍යකර්මය පිළිබඳව වටහා දීමට ක්‍රියා කරන බවත් එම වෛද්‍යවරයා විසින් සදහන් කරයි. ‘පටක බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදි කරනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වන අතර රුපියල් කෝටි පහක් පමණ වටිනා සියළුම උපකරණ ලබාදෙන බව රොටරි දිස්ත්‍රික් 3220 සහ කොළඹ කොටුව රොටරි සමාජයේ ව්‍යාපෘති කළමනාකරු සුශේන රණතුංග මහතා පවසන ලදී.
මෙම හෘද කපාට බැංකුවේ තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් ඒ පිළිබදව තොරතුරු www.rotarianswithaheart.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
Check Also
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...