19.2 C
London
Monday, May 19, 2025
spot_img

හේමාල්ට “තග” දැමු -කොස්තාපල් යළි සේවයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දඩ පත්‍රිකාවක් ලබාදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා යළි සේවයේ පිහිටුවීමට පොලිසිය තීරණය කොට ඇති බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ 29) පැවැත්වූ අතර ඒ අනුව පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේන ලබන බදාදා යළි සේවයේ පිහිටුවීමට නියමිත බවද වාර්තාවේ.

කෙසේ වුවත් එවක මහින්ද රාජපක්ෂගේ රාජ ඌෂ්ණය ගසා සිටි හේමල් ගුණසේකර මැරයන් යොදවා පොලිස් නිලධාරියාගේ වාහනයකට ගිනි තැබූ අතර ඔහු ඇමරිකාව බලා යාම සදහා ඇටවූ උපක්‍රමයක් ලෙසද මෙය හදුන්වා දුන්නේය.

එසේම 2014 වසරේ ජුලි මස 3 වෙනිදා මෙම කලකිරීම් හා බලපෑම් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සුමින්ද ඉල්ලා අස්විම සදහා ලිපි භාර දුන්නේය. කෙසේ නමුත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නොතිබෙන බවටද තොරතුරු වාර්තාවේ.

සුමින්ද සමන් ගුණසේන ඉකුත් ජනවාරි මස 22 වෙනිදා ජනාධිපතිවරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඇමැති ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සුමින්ද සමන් ගුණසේනගේ ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නොතිබීමත්, ඔහු සේවය අතහැර ගිය බවට පොලිස් දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් නිකුත් කර නොමැති නිසාත්, ඔහු යළි සේවයේ පිහිටුවීමට එහිදී තීරණය කොට ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles