හේමාල් සචින්ද්‍ර රණසිංහ කියන කඩවසම් නිරූපණ ශිල්පියා නිවේදනයට වගේම රංගනයටත් දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට නිරූපණ ක්ෂේත්රයට සමු දී රංගන ක්ෂේත්රය තෝරා ගන්න තීරණය කරලා. සිනමා නළුවකු වීමේ සිහිනය සැබෑ කරගත් හේමාල්ගේ අලුත් තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා.
ඇයි මෝස්තර නිරූපණ ක්ෂේත්රයෙන් සමුගන්න තීරණය කළේ?
මගේ වයස දැන් අවුරදු 29 ක් වෙනවා. නිරූපණ ක්ෂේත්රයේ හිටියා ඇති කියලා මට හිතුන නිසා තමයි මම තීරණය කළේ මේ ක්ෂේත්රයෙන් සමුගන්න. නවකයන්ට අවස්ථාව ලබා දෙන්න ඕන නිසා වගේම දැන් රංගන ක්ෂේත්රයට යොමුවෙලා නිසා කාල වේලාව වෙන්කර ගන්න අමාරුයි.
නිරූපණ ශිල්පියෙක් සිනමාවට යොමුවෙන්න තියෙන මූලික සුදුසුකම මොකක්ද?
පොඩි කාලේ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණේ රංගන ශිිල්පියෙක් වෙන්න. ඒත් මට මුලින්ම අවස්ථාව ලැබුණේ නිරූපණ ක්ෂේත්රයට යොමුවෙන්න රංගන ශිල්පියෙක් වෙන්න මම සුදුසුද කියලා ප්‍රේක්ෂකයන් තීරණය කරාවි.
රංගන ශිල්පියෙක් වෙන්න අපහසු නිසාද මුලින්ම ඔබ මෝස්තර නිරූපණ ක්ෂේත්රයට යොමු වෙන්න තීරණය කළේ?
පාරේ යන කෙනෙක්ට අඬගහලා කතා කරලා කියන්නෑ රඟපාන්න එන්න කියලා. මමත් රංගනයට යන පාර හොයාගෙන යනකොට මෝස්තර නිරූපණයට යොමු වුණේ අහම්බයකින්. ඒ පාර හරහා ගියොත් රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය මටත් ඇති වුණා.
ඔබ සිනමාවට අලුත් මුහුණක්, සිනමා පිටපත් එක්ක ඔබේ රංගනය අභියෝගයක් වුණේ නැද්ද?
මට රංගනය අභියෝගයක්. සිනමා පිටපත විතරක් නෙමේ සාමූහිකව වැඩකරන එකත් මට අභියෝගයක්. මම හිතනවා මට ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා.
ප්‍රවේගය චිත්‍රපටයේ ඔබේ චරිතය මොන විදියටද ගොඩනැගෙන්නේ?
මම පුංචි කාලේ ඉඳන්ම සටන් ක්‍රම පුහුණු කළා. මොකද මම වැඩියෙන්ම කැමැතියි ක්‍රියාදාම චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න.ප්‍රවේගය චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වෙන්නේ “හේමාල් නමින්ම මධ්‍යම පාන්තික තරුණයකුගේ චරිතයකට. එයාගේ හීන හැබෑ කරගන්න ගිහින් අතහැරෙන සමහර දේ නිසා එයාට මුහුණ දෙන්න වෙන සිදුවීම් මතින් තමයි ඒ චිත්‍රපටය ගලාගෙන යන්නේ.
ප්‍රවේගය චිත්‍රපටයේ හේමාල් වගේද ඔබ සැබෑ ජීවිතයේදීත්?
චිත්‍රපටයේ හේමාල් වගේ නෙමේ සැබෑ ජීවිතයේ මම. මොකද මම මගේ ගොඩක් හීන සැබෑ කරගෙන තියෙන්නේ ඒ නිසා. මම හිතන්නෑ, ඒ හේමාල්ලා දෙන්න සමානයි කියලා.
නිරූපණ ශිල්පියෙක් වෙන එකද, රංගන ශිල්පියෙක් වෙන එකද වඩාත්ම පහසු
මම හිතන්නෑ ඒ දෙකම පහසුයි කියලා. අපි මේ ගැන නිවැරදිව ඉගෙන ගන්න ඕන. නැත්නම් මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යන්න අපට අමාරුයි.
චිත්‍රපටවලට වගේම ටෙලි නාට්‍ය රංගනයට ආරාධනා ලැබිල නැද්ද?
ජයලත් මනෝරත්න මහත්තයගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඊට අමතරව ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණේ නෑ. මොකද මම ප්‍රමුඛත්වය දෙන්නේ ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණත් ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්න අමාරුයි.
කොහොමද ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය
මට ලොකු සහයෝගයක් ලැබෙනවා. කිසිම කෙනෙක් වෙනසක් කරන්නෑ. දෙයක් අපට වැරදුණොත් ඒක හදාගන්න උදව් කරනවා.
ජනප්‍රිය පුද්ගලයන් අද රූපවාහිනී වෙළෙඳ භාණ්ඩ වෙලා තියෙනවා. ඔබත් වෙළෙඳ භාණ්ඩයක් ලෙස විකිණෙන කෙනෙක්ද?
මම හිතන්නෑ මම මුදලට විකිණෙනවා කියලා. මගේ කැමැත්ත මේ කලා ක්ෂේත්රයේ රැඳී ඉන්නයි. ඉතිං අපි වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙන එක සාමාන්‍ය දෙයක්.
නිරූපණ ශිල්පියෙක් රංගන ශිල්පියෙක් වගේම ඔබ නිවේදකයෙක්. මේ සියල්ලටම ඔබ සහභාගි වෙන්න හේතුව මුදල්ද? නැත්නම් ජනප්‍රියත්වයද?
මුදල්වත්, ජනප්‍රියත්වයවත් නෙමේ, මම මේ සියල්ලටම සහභාගි වෙන්න ප්‍රධාන හේතුව ආසාව. මුදල් බලාගෙන මම මේ දේවල්වලට සහභාගි වුණා නම් මම අද මෙතන නෑ. මගේ විනෝදාංශය වගේම ලොකුම ආසාව තමයි කලා ක්ෂේත්රයේ වැඩවලට සහභාගි වෙන එක.
රංගනයට පිවිසීමත් සමග ඔබට කටකතා හැදුණා නේද?
ඇත්තටම මම කටකතා ගණන් ගන්නෑ. මට ඒවා අහන්න තරම් වෙලාවක් නෑ. කටකතා ඕනම ජනප්‍රිය කෙනෙක්ට හැදෙනවා, ඒක සාමාන්‍ය දෙයක්.
සියලුම දේට වඩා ඔබ ඔබේ මවට ගොඩක් ආදරය කරන බව කියනවා. ඒක ඇත්තද?
අදටත් මට අම්මා තරම් ආදරය කරන කෙනෙක් මේ ලෝකේ නෑ. තාම මගේ අම්මා ඉන්නේ මාතලේ. මම මේ ක්ෂේත්රයේ ස්ථාවරයක් හදාගත්තම අම්මව මගේ ගාවට ගෙන්න ගන්නවා. මම කැමැතිම දේ තමයි අම්මගෙ උකුලේ ඔලුව තියාගෙන නිදාගන්න එක. ඒ තරම් සැනසීමක් මට තවත් නෑ.
ඔබේ විවාහය ගැනත් අම්මා වද වෙනවා නේද?
ඕනම අම්මා කෙනෙක් තමන්ගේ දරුවො ගැන හිතනවා. දැන් වයසත් හරි නිසා අම්මා හොයනවා ඇති. ඒත් මට බල කරන්නෑ, දැන්ම විවාහ වෙන්න කියලා.
ඔබට ප්‍රේමවන්තියක් නෑ කියන්නේ ජනප්‍රියත්වයට හානි වෙයි කියන බයටද?
අනේ නෑ. මේ වෙනකොට ළඟින් ඉඳන් හොයලා බලන්න ප්‍රේමවන්තියක් නෑ. ඒත් මට ප්‍රේමවන්තියෝ ඉඳලා තියෙනවා. ඒ හැමෝටම මම ආදරය කළා. කාවවත් මම රැවැට්ටුවේ නෑ. අනිවාර්යයෙන්ම මට ගැළපෙන ප්‍රේමවන්තියක් ලැබුණොත් ඔයාලට කියනවා.
දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
මගේ ප්‍රධානම දේ විවාහ වෙන එකට වඩා මේ ක්ෂේත්රයේ මටම කියන ස්ථාවරයක් හදා ගන්න එක. ඊට පස්සේ විවාහයක් ගැන හිතනවා.
තිළිණි මධුවන්ති
Rivira