ඔස්කාර් සම්මානලාභි නළු පිලිප් සේමුවර්ගේ අභාවයෙන් අනතුරු ව ඔහුගේ නිවසේ තිබී හෙරොයින් අඩංගු මලු 70ක් සොයා ගෙන තිබේ.
නිව්යෝර්ක් පොලීසිය පවසන්නේ, මේ පිළිබඳ ව තව දුරට ත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.
46 හැවිරිදි සේමුවර්ගේ පසුගිය දා ජීවිතක්ෂයට පත් විය.
ඖෂධ අධි මාත්‍රාවකින් ගැනීම මරණයට හේතුව බවට වෛද්‍යවරුන් සැක පළ කර තිබිණ.
පිලිප් සේමුවර් 2005 වසරේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගනු ලැබු අතර ඔහු ජාත්‍යන්තර සම්මාන රැසක් සඳහා නිර්දේශ වූ රංගන ශිල්පියෙකු ද වේ.