ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් දැවෙයි

ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සෙල්සියස් අංශක 40කට වැඩි අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව ය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ත් ලැව් ගිනි හටගෙන ඇතැයි වාර්තා වේ.

අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් එම ලැව් ගිනි ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී.

මෙල්බෝර්න්හි ක්‍රීඩා කරමින් සිටි ටෙනිස් ක්‍රීඩකයෙකු සහ ඔහුගේ සහයකයා අධික උෂ්ණත්වය හේතුවෙන් ක්ලාන්ත වී ඇද වැටී තිබේ.

ඇඩිලේඩ්හි වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ඇත.

ශ්‍රී ලාංකිකයින් රැසක් ද මෙම කලාපයේ වෙසෙති.

Australia-heat6
newsfirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...