17.1 C
London
Thursday, November 13, 2025
spot_img

හින්දු විදුහලේ ගුරුවරයා නේවාසිකාගාරයේ දිවි නසා ගනී…

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ කාමරයක නේවාසිකව සිටි එම විදුහලේ ක්‍රීඩා ගුරුවරයකු ඊයේ (21 වැනිදා) ගෙල වැලලාගෙන අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස්‌ ඇත්තේ කුලියාපිටිය ගල්පොල, මැදගම, ඉලුක්‌හේන ප්‍රදේශයේ පදිංචි ප්‍රැන්සිස්‌ කැමිලස්‌ නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය ගුරුවරයාට වයස අවුරුදු 06 ක දියණියක්‌ සහ අවුරුදු 02 ක පුතෙක්‌ සිටිති. ඔහුගේ බිරිඳ කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා භාර ගුරුවරියක්‌ ලෙස සේවය කරයි. තම ස්‌වාමියා ඉකුත් 19 දා රාත්‍රී තමාට දුරකථනයෙන් කථා නොකළ බව ඇය හින්දු විද්‍යාලයේ ගුරුවරයකුට පවසා ඇත.

එම ගුරුවරයා පාසලේ ආරක්‍ෂක නිලධාරියකු සමඟ මියගිය ගුරුවරයා නේවාසිකව රැඳීසිටි ක්‍රීඩා උපකරණ තිබූ කාමරයට ගොස්‌ බැලීමේදී එය
ඇතුළතින් දොරඅඟුල් දමා තිබෙන බව දැන ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට දන්වා තිබේ. පොලිසිය පැමිණ දොරඟුළු කඩා බැලීමේදී ගුරුවරයා ගෙල වැලලාගෙන සිටින අයුරු දැක ඇත.

මෘත දේහය පිළිබඳව මහෙස්‌ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ (21වැනිදා) සවස සිදුකිරීමට නියමිතව තිබිණි. බම්බලපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ධනපාල මහතාගේ මෙහෙය වීමෙන් පොලිස්‌ කොස්‌තාපල් (61065) ජයන්ත මහතා වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles