බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් තරඟ වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය එදා මහජන පක්‍ෂයේ සිට කියූ කතා එළි කලහොත් ඇයට රටේ ඉන්නට බැරි වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහජන පක්ෂය කියයි.
කොළඹදී මාධ්‍ය ඇමතූ එම පක්‍ෂ මහ ලේකම් අසංක නවරත්න මහතා පවසන්නේ හිරුණාකට නැති වුවද දේශපාලන සදාචාරයක් තම පක්‍ෂයට ඇති බවයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේමා ගැන ඉදිරියේදී තීරණය කරනවා. රේණුක පෙරේරා දැනටමත් පක්ෂයෙන් ඉවත් කර හමාරයි. හිරුණිකා මෙනවිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභාවට තරග කරනවා කියා තිබූ දිනයේම අපේ පක්ෂයේ උපලේකම්වරියක් ලෙස අපේ දේශපාලන මණ්ඩල රැුස්වීමට පැමිණියා. එතුමිය එහිදී කළ කථාව මා මාධ්‍යයට කිව්වොත් එතුමියට ජන්දය ඉල්ලන්න තියා රටේවත් ඉන්න ලැබෙන්නේ නැහැ. එතුමියට නැතිවුණාට අපට දේශපාලන සදාචාරයක් තියෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී. බී. ඉලංගරත්න, විජය කුමාරතුංග වැනි දැවැන්තයන් එකතුවී හදාගත් පක්ෂය තමයි ශ‍්‍රී ලංකා මහජන පක්ෂය. අපේ නායක විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්වීම නිසා පක්ෂය විශාල පසුබෑමකට ලක්වුණා. අපේ පක්ෂය ලෙයින් කදුලින් පෝෂණය වූ පක්ෂයක්. පළමු පළාත් සභා මැතිවරණයේදී අපේ මන්ත‍්‍රීවරු අසූ අටදෙනෙක් තේරී පත්වුණා.
පසුගිය පළාත් සභාවලදී නාමයෝජනා ලබාදීමේදී අපට සාධාරණයක් වුණේ නෑ. එම නිසා මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක බැගින් නාම යෝජන ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා. ඔසේ නාමයෝජනා නොලැබුණහොත් අපේ පක්ෂයේ පැවැත්ම සදහා දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවෙනවා.’
lankaCnews