පසුගියදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය නැවත ලංකාවට පැමිණ ඇති බව විපක්ෂ සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය රට හැර ගිය බවට පළ වෙමින් පවතින වාර්තා විපක්ෂය සන්ධානය විසින් ප්‍රතික්ෂේප කරයි.
තර්ජන හමුවේ විදේශගත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යළි ශ්‍රී ලංකාවට ලඟා වූ අතර හෙට පටන් පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වෙන බව රාජිත සේනාරත්න මහතා පැවසී ය.
පළාත් සභා මන්ත්‍රීවරියට තර්ජන එල්ල වී ඇති බවත් ඇයගේ නිවස අසල ප්‍රචාරක පුවරු ආදිය විනාශ කරනු ලැබ ඇති බවත් හෙතෙම බීබීසි ප්‍රවෘත්ති සේවය කළ විමසීමකදී සඳහන් කර ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහි තර්ජන පිටුපස සිටින්නේ ඇයගේ පියා ඝාතනය කළ පාතාල කල්ලිවල සාමාජිකයන් බවත් ඔහු පෙන්වා දෙයි.