භාරත දියණිය සන්ධානෙන් බස්නාහිරට – මැද කොළඹ ආසන සංවිධායක තනතුරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පත් කර තිබේ.

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කළේ ඇය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇති බවයි.

අදාළ සංවිධායක ධුරයට පත්වීමේ ලිපිය හෙට දිනයේ නිල වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරගැනීමට නියමිතව තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වේ.

ඇය එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තරඟ කිරීමට ද තීරණය කර තිබේ.

2011 ඔත්තෝබර් 08 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආධාරකරුවන් අතර මුල්ලේරියාවේදී ඇති වූ ගැටුමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් වෙඩි වැදී මරුමුවට පත් වූහ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...