හිරුණිකා මෛත්‍රී පිලට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

මේ වන විට විපක්ෂ නායක පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සිය අදහස පැහැදිලි කරමින් සිටියි. “කිසි කෙනෙක් සමග තරහකට ආවා නෙමෙයි. පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවන් මම දිවිහිමියෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සෑම දෙනෙකුටම පාඩුවේ ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා.”

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...