හිරුණිකා රට හැර යයි.

ඉකුත් පළාත් සභා මැතිවරණයේදී තරඟ කොට බස්නාහිර පළාතෙන් විශාල මනාප ප්‍රමණයක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ වන විට රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දා රජයෙන් ඉවත් වී ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තීරණය කළ ඇය මේ වන විට රටින් පිට වී ඇත්තේ ආරක්ෂක හේතුන් නිසා බවයි ඇයගේ හිතවතුන් වෙත සඳහන් කර ඇත්තේ.

රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුව හිඳ පසුව ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියද වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...