14.3 C
London
Sunday, December 7, 2025
spot_img

“සිරසේ ලොක්කා ඇඹලයෙක් “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග පෙරේදා (16) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන ප්‍රචාරය කළද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස එසේ මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කදිම උත්තරයක් ලබාදී තිබේ.

‘අයියෝ, සිරසෙ ලොක්කා ඇඹලයෙක් නෙ. මාව හම්බවෙච්ච වෙලාවක මට කිව්ව එයා කියන විදියට වැඩ කළොත් මාව ලංකාවෙ ඉහළම තැනකට ගේනව කියල. එහෙම කියල මට කිව්ව දුමින්ද සිල්වගෙයි රනිල් වික්‍රමසිංහගෙයි හොර ගිවිසුමක් තියනව කියල කියන්න කියල. ඒ ගිවිසුම නිසා තමයි රනිල් අගමැති හැටියට පළමුවෙනි ඉන්ටවීව් එක ‘හිරු’ චැනල් එකට දුන්නෙ කියල. ඒ ගිවිසුම නිසා තමයි වෙලේ සුදාගෙ කේස් එකට දුමින්දව ඇරස්ට් නොකරන්නෙ කියල. දුමින්ද මගේ අංක එකේ තරහකාරය වුණත් මට ඒවගේ බොරු කියන්න බෑ. කිලී මහරාජා හදන්නෙ දුමින්දගෙයි මගෙයි තියන පුද්ගලික ප්‍රශ්න එයාගෙ දේශපාලන වාසියට යොදාගන්න. එයාට මාව නටවන්න බෑ. කිලීගෙ දේශපාලනය නිසා සිරස විනාශවෙලා ඉවරයි. ඒවගේ චැනල්වලින් අපිව නොපෙන්නුවට කමක් නෑ’ යනුවෙන් පවසා ඇති හිරුණිකා ‘සිරසේ ජඩ මාධ්‍යකලාව’ හමුවේ දේශපාලනඥයන් කවරාකාරයෙන් හැසිරිය යුතුදැයි පූර්වාදර්ශයක් සපයා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles