අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

හිරුණිකා එම කරුණ සනාථ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ ඇයගේ හා තරුණයෙකුගේ අත්දෙක දැක්වෙන ඡායාරූපයක් පළ කර තිබේ.

01hiru

ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවත් 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.

ඇය සමඟ අතිනත ගන්නේ යම් දේශපාලන ඥාතිත්වයක් හිමි රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරන මතුගම ප්‍රදේශයේ කඩවසම් තරුණයකු බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාවක්‌ මත සිදුවන මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබෙනු ඇතැයි ද වාර්තා වේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මෙරට දේශපාලනඥයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියයි. ඇය දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත්වූයේ සිය පියාගේ ඝාතනයත් සමගයි. මේවන විට හිරුණිකා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරියකි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...